සුමනේ ගෙන්නලා ඇහුවා සාස්තරේ
ග්රහයෝ ටොපේ ටොප් බැලුවම කේන්දරේ
ඉතිරිව දෙකක් තිබුනත් තව මෙදා සැරේ
තව ඉනිමකට යන්නයි මම ප්ලෑන් කරේ
මහින්ද බෝඩ් ගැහුවා අඩියෙන් අඩිය
බෙදුවා බෙදිල්ලක් හැමටම බෑ නොකිය
අරලිය දන්සලේ තුන්වේලම රෙඩිය
ඕපන් කෙරිලි ඕසෙට දවසත් මදිය
මමනම් ඇවිත් දැන් ඉන්නේ වළල්ලට
කෝ පොද්දා එන් නැත්තේ බයද මට
ඔය මොන එකා ආවත් මට කෙළින්නට
චන්දත් වැඩද මැදමුලනේ මහින්දට
ආප්ප කාල ගිය මගෙ ලේකම් මයියා
ගැහුවා කරණමක් වෙන්නට පොදු ටොයියා
දැක්කම ඉන්න සෙට් එක වටකර ගොයියා
පොඩ්ඩක් විතර බයවී ඇත මේ බයියා
වැල ඕපන් එතනින් නැහැ නතර උනේ
දත් දොස්තරයි තව ඩබලක් පනිනු පෙනේ
රතනෙයි චම්පිකයි හෙලයොත් ගියා අනේ
දැන්නම් සොහොන් ලකුණුත් ඉඳ හිටල පෙනේ
මල්ලිල දෙන්න ඇර වෙනකෙක් ෂුවර් නැත
යන්තම් අහක බැලුවොත් මුන් පනිනු ඇත
කෝටි දෙක තුනක් මිට මොලවලා අත
"යන් නෑ" කියල කියපන් මීඩියා වෙත
කිව්වේ ෆයිල් ගැන මුන් බය කරගන්ඩ
ඒකෙන් ගහනවා දැන් මට නැතිවෙන්ඩ
විමලේ මෙහෙ වරෙන් මේකෙන් බේරෙන්ඩ
කුමන්ත්රණේ ගැන නිතරම මතුරන්ඩ
ජනතාවගේ ඔළු ගෙඩි කිරි මැටි වේවා
වංචා අමතකව කලගුණ සිහි වේවා
ගොයි ටොයි හවුලෙ උන් ටික මකබෑ වේවා
මැරෙනාතුරුම මම මෙහි මහරජ වේවා
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
බයියා හිතාගෙන දිගටම රජ වෙන්ට
ReplyDeleteගොයියා හිතාගෙන ඉන්නේ රජ වෙන්ට
රනියා හිතගෙන ඉන්නේත් රජ වෙන්ට
ජනයා හිතගෙන ඉන්නේ වහ කන්ට
මැරෙනකම්ම මහා ඇමති මමයි කියා
එකෙක් කිව්ව හැටි මතකයි තවම පුතා
හිතා වුන්නත් රජ වෙන්න ආයෙමත් එයා
මෙදා පොටේ වරදිනවා බඩුම තමා
බයියා දන්නවා ජනතාවගේ නිලේ
Deleteඋදේ හවස සෝදනවා උන්ගෙ මොලේ
ගොයියා ඉන්න බව පෙනුනත් ඉදිරි පෙලේ
මටනම් ෂුවර් නැහැ ගොඩයන කල්ම මලේ
පට්ටෙත් හොඳම එක!
ReplyDeleteතැන්ක්යූ වේවා!
Deleteවල්ලා පට්ට. හැකියාව උපරිමයි.. එක්සලන්ට්...
ReplyDeleteඑකඟයි.නොමඳ උත්ප්රාසය,එළිසමය තුළින් රසවත් කව්පෙළක්.
Deleteතැන්ක්යූ මාතේ & හැලපේ!
Deleteniyama dasa kavi tika,ela,ela,(ranjan)
Deleteතැන්ක්යූ රංජන්!
Deleteදස වැඩක්.. හැක්
ReplyDeleteතැන්ක්යූ දේශකයා!
Deleteබයියාට සහ උගේ සට්ටැඹියන්ට මේ කවිටික ඊ මේල් කරලා යැව්වොත් නරකද?
ReplyDeleteවිචාරක ඔය සුදු වෑන් එකක් ගෙන්නන්න වගේ සෙට් වෙන්නෙ නේද.
Deleteනියමයි දසයා
ReplyDeleteතැන්ක්යූ අජිත්!
DeleteNiyama kawi tika!
ReplyDeleteතැන්ක්යූ සරත්!
Deleteසුපිරියෙත් හොඳම එක. මේක කියවගන්න පුළුවන් නං අර බන්දුල පද්මකුමාර ලවා තවත් රසවත්
ReplyDeleteබන්දුල පද්මකුමාර චන්දෙ ඉවරවෙනකල් මේක කියන එකක් නෑ රාජ්. හැබැයි චන්දෙන් මෛත්රීපාල දිනුවොත්නම් උදේ හවස දෙකේම උනත් කියයි.
Deleteමරු මේක.. මොනා වුනත් මුකුත් කියන්න එපා වැඩිය යුද්දෙ දින්නනේ.. ;)
ReplyDeleteඒකනේ සුසී... මොනා වුනත් යුද්දෙ දින්නනේ.
Deleteඇසේ දස අතින්...... ජනපතිවරණෙ තතූ
ReplyDeleteරසේ උපරිමයි............ ජහමනතාව පැතූ
හිසේ ඇති බරක්....... බිම දා ගන්න සිතූ
දසේ අගෙයි කයි පද ටික මෙහෙම ගෙතූ :D
අසමින් දස අතින් ජනපතිවරණෙ තතූ
Deleteවින්දත් රසේ ජහමනයා කලණ මිතූ
අටවෙනිදාට නොකෙරුවොතින් වැඩේ යුතූ
ගොතලා මොකට මේ වගෙ කවි මෙයින් මතූ
මේකනම් පට්ට..
ReplyDeleteතැනක්යූ දිනේෂ්!
Deleteඑල කිරි දසේ ජයවේවා
ReplyDelete