Tuesday, December 09, 2014

විකිණෙනු ලැබේ!


අනික් ඉවුරේ සිට
සියැසින්ම දුටු හෙළුව
කහවනුවල බරට
සීතම්බර පටින් වැස
නොපෙනෙන හැටි...

දෙඅතින්ම අනමින්
තලි පිටින් ගැසූ මඩ
කඳුළු වලින් සෝදා
ඇඳිවත උනා
පිස දමන හැටි...

නැති ගුණත් වයා
ඔසවා තැබූ පිළිරූ
දිව නොපිට තබමින්
ඇති හොඳත් මකා
බිම ඇද දමන හැටි...

වරක් දෙවරක් නොව
යලි යලිත් රැවටෙනා
බුද්ධිමත් ජනතාව
මේ විගඩම් බලා
අත්පුඩි තලන හැටි...

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

7 comments:

  1. මේ කවිවලින් කියවෙන අයගෙ නම මොකටද උඹ දාගත්තෙ?

    ReplyDelete
  2. මට දුක බ්ලොග් ලියන වීරයොත් මුන්ට මාට්ටු වෙන එකට... මොකා පැන්නත් උන් ඔක්කෝම තිරිසනුන්ටත් අන්ත උන්.. මහින්දලාට මිනිස්සු සලකන්නේ.. කරන්න තියෙන තුප්පහි වැඩ ඔක්කෝම කරලත්.. පක්ෂේ දාලා නොගිය නිසා.. මම මේ ජරා වැඩේට සම්පූර්ණයෙන් විරුද්ධයි..

    ReplyDelete
    Replies
    1. ඔය පනින හැම එකාම හම්බවෙන ගානෙන් 10%ක් වත් දෙන්න ඕන සරත් එන් සිල්වට කරපු උදව්වට.

      Delete
  3. Replies
    1. කියල වැඩක් නෑ සින්දු ඇනෝ. ඔය පොර ටෝක් දුන්නට අපිව උනත් ෂුවර් නෑ .

      Delete
  4. මේකත් හරියනව නෙව

    එහා ඉවුරෙ තණකොල කන ගොනා

    හිහි

    අපූරු පද පෙලක්

    ReplyDelete
    Replies
    1. ගොන්නු නෙමේ මුන් මී හරක්. අපිත් මී හරක්.

      Delete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.