අපේ තාත්තා හැමදාම සෝමෙ මාමගේ පොට් එකට ගිහින් හොඳටම බොනවාය.
අපේ අම්ම නම් කියන්නේ අපිට වේලක් ඇර වේලක් හරි කන්න දෙන නිසා කමක් නෑ කියාය.
තාත්තා බිව්වෙ නැත්නම් අපිට වේල් තුනම කන්න තිබුණ නේද අම්මෙ?
අපේ තාත්තා බීගෙන ඇවිත් හැමදාම අම්මටයි මටයි තඩිබනවාය.
අපේ අම්ම නම් කියන්නේ අල්ලපු ගෙදර චන්දරේගෙන් තිබුන කරදරේ හැටියට මේක දාහෙන් සැපයි කියාය.
චන්දරෙත් නැති එකේ තාත්ත අපිට ආදරෙන් සලකුවනම් මීට වඩා සන්තෝසෙන් ඉන්න තිබුන නේද අම්මෙ?
අපේ තාත්තා පොලී මුදලාලිගෙන් ණයට සල්ලි අරන් රේස් ඔට්ටු දමා සැහෙන ගානක් පරදිනවාය.
අපේ අම්ම නම් කියන්නේ ණයට ගත්තු සල්ලිවලින් ගෙදරට ගත්තු පුෂ් බයිසිකලේ හරි ඉතුරුයිනේ කියාය.
තාත්ත සල්ලි නාස්ති කරේ නැත්නම් අපට කාරෙකක් ගන්න තිබුණ නේද අම්මෙ?
අපේ තාත්තා මට බස් එකට සල්ලි නැති නිසා පයින් යන්න කියා අයියාට අයිස්කිරිමක් ගන්න සල්ලි දුන්නේය.
අපේ අම්ම නම් කියන්නේ මේ වගේ සැප ලබන්න අයියා පෙර පින්කර ඇති කියාය.
මම පවු කරලද? මමත් තාත්තගෙම පුතෙක් නේද අම්මෙ?
අපේ තාත්තා අයියා එක්ක රණ්ඩු උනා කියා මට විතරක් හොඳටම ගැහුවේය.
අපේ අම්ම නම් කියන්නේ පොඩි එකා උනාම හරියට ඉන්න දැනගන්න ඕන කියාය.
පොඩි එවුන්ට විතරක් දඬුවම් කලාට ලොකු එවුන් කරන වැරදිත් වැරදිම නේද අම්මෙ?
අපේ තාත්තා අපේ ඉඩකඩම් වලින් වැඩි හරියක් පාලනය කරන්න දී තිබෙන්නේ අපේ බාප්ප්ලාටය
අපේ අම්ම නම් කියන්නේ වතුරට වඩා ලේ ඝනකම්නෙ පුතේ කියාය
සහෝදර කම කියල අපේ දේවල් බාප්පලාට හිතු විදිහට නාස්ති කරන්න දෙන එක හරි නෑ නේද අම්මෙ ?
අපේ තාත්තා බොරු චන්ඩි පාට් දාන්න ගිහින් පොලී මුදලාලි ඇරෙන්න මුළු ගමම එක්ක තරහය
අපේ අම්ම නම් කියන්නේ තාත්ත සිංහයෙක් වගේ ඉන්න නිසා මොකා තරහ උනත් අපිට මොකෝ කියාය
එලියට බහින්න බයේ ගේ ඇතුලට වෙලා සිංහ නාද දැම්මට සිංහයෙක් වෙන්නේ නෑ නේද අම්මෙ?
අපේ තාත්තා කරන කියන දේවලට මටනම් දැන් තිත්තම තිත්ත වෙලාය.
අපේ අම්ම නම් කියන්නේ මොනව උනත් උඹලගෙ තාත්තනේ කියාය.
නියම තාත්තල දරුවන්ට මෙහෙම සලකනවද? මේ වගේ උනුත් තාත්තලද අම්මෙ?
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
අපේ තාත්තා බොරු චන්ඩි පාට් දාන්න ගිහින් පොලී මුදලාලි ඇරෙන්න මුළු ගමම එක්ක තරහය
අපේ අම්ම නම් කියන්නේ තාත්ත සිංහයෙක් වගේ ඉන්න නිසා මොකා තරහ උනත් අපිට මොකෝ කියාය
එලියට බහින්න බයේ ගේ ඇතුලට වෙලා සිංහ නාද දැම්මට සිංහයෙක් වෙන්නේ නෑ නේද අම්මෙ?
අපේ තාත්තා කරන කියන දේවලට මටනම් දැන් තිත්තම තිත්ත වෙලාය.
අපේ අම්ම නම් කියන්නේ මොනව උනත් උඹලගෙ තාත්තනේ කියාය.
නියම තාත්තල දරුවන්ට මෙහෙම සලකනවද? මේ වගේ උනුත් තාත්තලද අම්මෙ?
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
ඉස්සෙල්ලම හිතුවෙ කවියක් කියල. තාලෙට කියවල බැලුව, මොන...! පස්සෙ අහුවුනේ ක්‍රමේ.
ReplyDeleteඅලුත් ආරක්. නිර්මාණශීලියි. ඒ වගේම සහතිකකල සත්‍යය.
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි... හින්ද නේද ලිව්වෙ?
කොළඹ හරිම නපුරුයි අම්මේ ස්ටයිල් එක. මේ පියාට වන්දිභට්ටයන්ගේ කව් ගී නම් ඕනෑතරම්. ඒ වුනාට මේ වගේ ඒවා අඩුයි නේද? බයටද ආදරේටද කියල හිතාගන්න බෑ.
Deleteඅපේ වත්තේ උඩහ කෑල්ල අල්ලලා වැටක් ගහන්න ආපු අයට තාත්තා කිව්වේ අපි ඕක සමාදානෙන් බේරගමු කියලාය. ඒත් අම්මාගේ කීමට බාප්පා ලවා උන්ට පොරෝ පාරවල් දීලා එලව්වට වෙලෙන් එහා ගෙදර මාමා පොලීසිගිහින් නඩුදනවා කියා තාත්තාට කරදර කරන නිසා මේ දවස්වල තාත්තා අම්මා සමග ආයෙත් රංඩු වෙනවාය . ඒත් අම්මා නම් කියන්නේ තාත්තාවත් බාප්පාවත් පොලීසි ගෙනියන්නනම් දෙන්නේ නෑය කියලාය...
ReplyDeleteඅම්ම කොච්චර නෑ කිව්වත් තාත්ත අහන්නෙම නෑනෙ. කියන්නෙම මාව පොලිසි ගෙනියපන් මම බය නෑ කියල.
Deleteඋඹ දසයෙක් නෙමෙයි. උඹ දක්ෂයෙක්.. සැබවින්ම.. අපූරුයි උත්ප්රාසය.. මෙයින් දනවන..
ReplyDeleteනැ බං මු හෙන දසයෙක්
Deleteඅපේ පරම්පරාවම දසයෝ :)
Deleteඩිස්ටින්ෂන් නිර්මාණයක්!
ReplyDeleteතැන්ක්යූ කතන්දර
DeleteBeautiful !!!!
ReplyDeleteතැන්ක්යූ!
Deleteපට්ටයි
ReplyDeleteපට්ටයි කියන්නෙ ආයෙ ලොවෙත් නැ....
හිහි
ජයෙන් ජයම වේවා
ලොවෙත් නෑ ලොවි ගහෙත් නැද්ද මචං. ජය වේවා !
Deleteනියමයි..................... නියම රචනා විලාශයක්.....................
ReplyDeleteතැන්ක්යූ!
Deleteඅම්මාට තාත්තා හොඳ වුනාට රටට,ලෝකෙට තාත්තා හින්ද මිනිහෙක් නෙමේයි අම්මේ.අපි තාත්තාව මාරු කරමු අම්මේ.තාත්තා කිව්වට තාත්තා නැතුව බැහැ කියලා,තාත්තා නැතුව මිට වඩා හොඳට ඉන්න අපිට පුළුවන් අම්මේ.
ReplyDeleteඅපේ අම්මල මොලෙන් නෙමේ හදවතින්නේ තීරණ ගන්නෙ. ඒකනේ අපිට එදා ඉඳන්ම කෙලවෙන්නේ.
Deleteමරු. සිරාවටම
ReplyDeleteඅනේ ඒ උනාට අපේ තාත්තාගේ වගේ රැවුලක් අහල ගම් හතකවත් එකෙකුට නෑ.
මට වැඩියෙන්ම අල්ලලා ගියේ තාත්තාගේ චන්ඩි කතා තමා
සරමයි රැවුලයි චන්ඩි පාර්ට් එකක් තියනවනම් අනික්වා මොකටද?
Deleteඅපි හොඳ තාත්තෙක් ගේමු අම්මේ....
ReplyDeleteඅම්ම බෑ කියලමයි කියන්නෙ ඔටු පැටික්කි. කළගුණ අමතක කරන්න බැරිලු.
DeleteLike
ReplyDeleteනෙළුම් විල සම්මාන බ්ලොගේ ලිංක් එකක් හරහා ආවේ. බ්ලොග් කියවන එක අඩු කරපු එක මොන අපරාධයක්ද කියලා හිතුනා මේක දැකලා.
ReplyDeleteමගේ බ්ලොග නම් මකුළු දැල් වැදිලා කාලයක් දසයා. ඒත් උඹ ලියලා තියෙන්නේ මගේ කැමැතිම ස්ටයිල් එකට. උත්ප්රාසය සුපිරි.
මීට ළගින් යන සීන් දෙකක් කාලෙකට කලින් මාත් ලිව්වා. කැමැතිනම් කියවලා බලපං.
ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා (විශේෂ ස්තුතිය නලීන් අයියාට)
තොප්පි සිමයියාව ඕවර්ටේක් කළ රේස් ජේමියා (චුයිංගම් ආතල්)
අන්තිමට අම්මා තාත්තා ගෙදරින් එලෙව්වාය
ReplyDeleteඅම්ම කියන්නෙ ඔය ගියාට ආයෙත් එන්න පොටක් පාද ගනියි කියාය
එකපාරක් පලයන් කියල එලවපුවම ආයෙන් රිංඟන්න දඟලන එක හරි නෑ නේද අම්මෙ!
super
ReplyDeleteEla
ReplyDelete