Monday, December 01, 2014

බයියාගේ ඉලෙක්ෂන් කවි


සුමනේ ගෙන්නලා ඇහුවා සාස්තරේ
ග්‍රහයෝ ටොපේ ටොප් බැලුවම කේන්දරේ
ඉතිරිව දෙකක් තිබුනත් තව මෙදා සැරේ
තව ඉනිමකට යන්නයි මම ප්ලෑන් කරේ

මහින්ද බෝඩ් ගැහුවා අඩියෙන් අඩිය
බෙදුවා බෙදිල්ලක් හැමටම බෑ නොකිය
අරලිය දන්සලේ තුන්වේලම රෙඩිය
ඕපන් කෙරිලි ඕසෙට දවසත් මදිය

මමනම් ඇවිත් දැන් ඉන්නේ වළල්ලට
කෝ පොද්දා එන් නැත්තේ බයද මට
ඔය මොන එකා ආවත් මට කෙළින්නට
චන්දත් වැඩද මැදමුලනේ මහින්දට

ආප්ප කාල ගිය මගෙ ලේකම් මයියා
ගැහුවා කරණමක් වෙන්නට පොදු ටොයියා
දැක්කම ඉන්න සෙට් එක වටකර ගොයියා
පොඩ්ඩක් විතර බයවී ඇත මේ බයියා

වැල ඕපන් එතනින් නැහැ නතර උනේ
දත් දොස්තරයි තව ඩබලක් පනිනු පෙනේ
රතනෙයි චම්පිකයි හෙලයොත් ගියා අනේ
දැන්නම් සොහොන් ලකුණුත් ඉඳ හිටල පෙනේ

මල්ලිල දෙන්න ඇර වෙනකෙක් ෂුවර් නැත
යන්තම් අහක බැලුවොත් මුන් පනිනු ඇත
කෝටි දෙක තුනක් මිට මොලවලා අත
"යන් නෑ" කියල කියපන් මීඩියා වෙත

කිව්වේ ෆයිල් ගැන මුන් බය කරගන්ඩ
ඒකෙන් ගහනවා දැන් මට නැතිවෙන්ඩ
විමලේ මෙහෙ වරෙන් මේකෙන් බේරෙන්ඩ
කුමන්ත්‍රණේ ගැන නිතරම මතුරන්ඩ

ජනතාවගේ ඔළු ගෙඩි කිරි මැටි වේවා
වංචා අමතකව කලගුණ සිහි වේවා
ගොයි ටොයි හවුලෙ උන් ටික මකබෑ වේවා
මැරෙනාතුරුම මම මෙහි මහරජ වේවා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

26 comments:

  1. බයියා හිතාගෙන දිගටම රජ වෙන්ට
    ගොයියා හිතාගෙන ඉන්නේ රජ වෙන්ට
    රනියා හිතගෙන ඉන්නේත් රජ වෙන්ට
    ජනයා හිතගෙන ඉන්නේ වහ කන්ට

    මැරෙනකම්ම මහා ඇමති මමයි කියා
    එකෙක් කිව්ව හැටි මතකයි තවම පුතා
    හිතා වුන්නත් රජ වෙන්න ආයෙමත් එයා
    මෙදා පොටේ වරදිනවා බඩුම තමා

    ReplyDelete
    Replies
    1. බයියා දන්නවා ජනතාවගේ නිලේ
      උදේ හවස සෝදනවා උන්ගෙ මොලේ
      ගොයියා ඉන්න බව පෙනුනත් ඉදිරි පෙලේ
      මටනම් ෂුවර් නැහැ ගොඩයන කල්ම මලේ

      Delete
  2. පට්ටෙත් හොඳම එක!

    ReplyDelete
  3. වල්ලා පට්ට. හැකියාව උපරිමයි.. එක්සලන්ට්...

    ReplyDelete
    Replies
    1. එකඟයි.නොමඳ උත්ප්‍රාසය,එළිසමය තුළින් රසවත් කව්පෙළක්.

      Delete
    2. තැන්ක්යූ මාතේ & හැලපේ!

      Delete
    3. niyama dasa kavi tika,ela,ela,(ranjan)

      Delete
    4. තැන්ක්යූ රංජන්!

      Delete
  4. බයියාට සහ උගේ සට්ටැඹියන්ට මේ කවිටික ඊ මේල් කරලා යැව්වොත් නරකද?

    ReplyDelete
    Replies
    1. විචාරක ඔය සුදු වෑන් එකක් ගෙන්නන්න වගේ සෙට් වෙන්නෙ නේද.

      Delete
  5. සුපිරියෙත් හොඳම එක. මේක කියවගන්න පුළුවන් නං අර බන්දුල පද්මකුමාර ලවා තවත් රසවත්

    ReplyDelete
    Replies
    1. බන්දුල පද්මකුමාර චන්දෙ ඉවරවෙනකල් මේක කියන එකක් නෑ රාජ්. හැබැයි චන්දෙන් මෛත්‍රීපාල දිනුවොත්නම් උදේ හවස දෙකේම උනත් කියයි.

      Delete
  6. මරු මේක.. මොනා වුනත් මුකුත් කියන්න එපා වැඩිය යුද්දෙ දින්නනේ.. ;)

    ReplyDelete
    Replies
    1. ඒකනේ සුසී... මොනා වුනත් යුද්දෙ දින්නනේ.

      Delete
  7. ඇසේ දස අතින්...... ජනපතිවරණෙ තතූ
    රසේ උපරිමයි............ ජහමනතාව පැතූ
    හිසේ ඇති බරක්....... බිම දා ගන්න සිතූ
    දසේ අගෙයි කයි පද ටික මෙහෙම ගෙතූ :D

    ReplyDelete
    Replies
    1. අසමින් දස අතින් ජනපතිවරණෙ තතූ
      වින්දත් රසේ ජහමනයා කලණ මිතූ
      අටවෙනිදාට නොකෙරුවොතින් වැඩේ යුතූ
      ගොතලා මොකට මේ වගෙ කවි මෙයින් මතූ

      Delete
  8. මේකනම් පට්ට..

    ReplyDelete
  9. එල කිරි දසේ ජයවේවා

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.