Wednesday, December 24, 2014

කට... කට...


අම්ම කියන්නෙ,
පුතේ කට පරිස්සම් කරගනින් කියල.

ගෙදර නෝනා කියන්නෙ,
ඔය දරුවො ඉන්න තාත්ත කෙනෙක්. පොඩ්ඩක් හිතල මතල කතා කරන්න කියල.

යාළුවො කියන්නෙ,
මචං සුදු වෑන් එකක් එයි පරිස්සමින් ඉඳපන් කියල.

දන්නෙත් නැති උන් කියන්නෙ,
මූට පිස්සු. ඉල්ලන් කන්න හදන්නෙ කියල.

ඉතින් යකුනේ, තමන්ගෙ රට ගැන තමන්ගෙ අයිතීන් ගැන තමන්ට තේරෙන ඇත්ත ගැන කතා කරන්න ඔය තරම්ම බයවෙන්න ඕනෙනම්, ඒ පාලකයව ගෙදර යවන්න තව හේතු ඕනද?

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

16 comments:

  1. //ඉතින් යකුනේ, තමන්ගෙ රට ගැන තමන්ගෙ අයිතීන් ගැන තමන්ට තේරෙන ඇත්ත ගැන කතා කරන්න ඔය තරම්ම බයවෙන්න ඕනෙනම්, ඒ පාලකයව ගෙදර යවන්න තව හේතු ඕනද?//

    අපිත් අහන්නෙ ඕකම තමයි බාං...

    ReplyDelete
    Replies
    1. කිව්වට තේරෙන්නේ නැති එකනෙ වැඩේ ඇනෝ.

      Delete
  2. මොනව නැති උනත් කට ඇරල ඈනුමක් වත් අරින්න පුලුවන් රටක් හදාගන්න එක තමයි අද දවසේ අවශ්‍යතාවය සහ යුතුකම වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්ටෙප් බයි ස්ටෙප්.

      Delete
  3. යකෝ තො මරා පස්සේ ගිහින් පරදින බව පෙන කොට හොරන් පැත්ත මාරු කොරපු එකෙක් නේද ?

    ReplyDelete
  4. එක නේන්නම් බන්..

    අපේ එවුන්ට නොතේරෙන එකම දේත්...

    මුන්ට සාටකෙන් එහාට දෙයක් හිතෙන්නෙම නැහැ. පේන්නෙම නැහැ

    ReplyDelete
  5. ඇත්ත බං,මටත් වාරණයක් දාලා තියෙන්නේ කතා කරන්න එපාය කියලා දේශපාලනේ ගැන.කැමති කෙනෙක්ට ජන්දේ දෙන්නලු,හැබැයි කතා කරන්න එපාලු.

    ReplyDelete
    Replies
    1. ගොඩක් තැන්වල කතන්දරේ ඕක තමයි මචෝ.

      Delete
  6. http://sinhala.lankanewsweb.net/news/15152-kjhu

    ReplyDelete
    Replies
    1. ´ස්තුතියි ගූඩ් නිව්ස් එකට අජිත් අයියා!

      Delete
  7. http://kolambagamaya.blogspot.co.uk/2015/01/2014.html

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩක් අජිත් අයියා. ඉස්සරහටම කරගෙන යමු.

      Delete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.