Wednesday, December 10, 2014

උතුමාණන්ගෙන් කෝල් එකක්


හෙලෝ දසේ
හෙලෝ හෙලෝ කවුද මචං
මම මම බං
මම කියන්නෙ
ඒක වැඩක් නෑ මචං
පොඩි වැඩකට කතා කලේ
ඕකේ ඕකේ කියපන් මචං...

දැන් කාලෙකට කලින් මචං
ලංකාවෙන් කෑල්ලක් සෙට් එකක් අල්ලන් හිටියනේ මචං
අපි මහන්සිවෙලා ඒක බේරලා දුන්නනෙ බං
හ්ම් හ්ම්
ඊට පස්සෙ අපි රට විනාස කලා තමයි මචං
ඒ උනාට රට එක් සේසත් කලේ අපිනෙ බං
ඉතින්
ඒක නිසා ආයෙත් රට අපිට දියන් මචං

මම දන්නව උඹ සොරි සොරි ඔබතුමා කවුද කියල...

ඒ විතරක් නෙමේ මචං
දැන් උඹල ෆුල් ජොලියෙ රට වටේ යන්නෙ අපි නිසානෙ බං
අපි කොච්චර නම් පාරවල් හැදුවද මචං
හ්ම්... හ්ම්...
ඒවා හැදුවේ අපේ වාසියට තමයි මචං
ඒ උනාට අපි තරම් කවුරුවත් මේ රටේ පාරවල් හැදුවෙ නෑනේ බං
ඉතින්...
ඒක නිසා ආයෙත් රට අපිට දියන් මචං

මම කියන්ඩද ඔබතුමා කවුද කියල...

අපි ආගම ධර්මෙ රකිනව කියල පොරොන්දු උනානෙ මචං
පරණ වෙහෙර විහාර එහෙම එලිපෙහිලි කරලා ගත්තෙ අපිනෙ බං
හ්ම්... හ්ම්...
අපි රට පුරා සුරාව සුදුව පැතිරෙව්ව තමයි මචං
ඒ උනාට අපේ කාලේ දාගැබ් කීයක්නම් ප්‍රතිසංස්කරණය කලාද බං
ඉතින්...
ඒක නිසා ආයෙත් රට අපිට දියන් මචං

අනේ ඔබතුමා, කොච්චර සතුටුද කතාකළ එකට...

මොනව නැතත් උඹලට රජෙක් හිටියනෙ මචං
ඒ රාජ තේජස, කුමාරයන්ගෙ වීරකම් අහල උඹල කොච්චර සතුටු උනාද බං
හ්ම්... හ්ම්...
උඹලට බදු පිට බදු ගහල අපි නැතිවෙන්න වියදම් කළා තමයි මචං
ඒ උනාට රජෙක් ඉන්න එක කොච්චර ආඩම්බරයක්ද බං
ඉතින්...
ඒක නිසා ආයෙත් රට අපිට දියන් මචං

දැන් නම් හරි
ආයෙ දෙකක් නෑ
ඔබතුමා මහින්ද රාජපක්ෂ නේද?

පිස්සුද බං
මම චාල්ස් කුමාරය!

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

17 comments:

  1. මට තෝව අහු උනොත් එක්නලිගොඩට කරපු දේ කරනවා මෙයට පර්සි මහේන්ද්‍ර රජතුමා

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ මාව නොමිලේ ප්‍රංශෙට යවනවද?

      Delete
  2. Replies
    1. තැන්ක්යූ තිස්ස අයියා.

      Delete
  3. චාල්ස් කුමාරයා රනිල් ඉස්සරහා කැප් එක ගැලෙව්වලු.. මොකෝ කියලා ඇහුවාම කිව්වලු.. ඔයා අධ්‍යාපනයට කළ සේවය අපේ රටේ කෙනෙක් කළා නම් අපිත් අද හොඳ උගතුන් කියලා... ලාල් කාන්තත් කියලා තිබුනේ පාරවල් හදපු එකට චන්දෙ දෙනවා නම්, එහෙනම් අපි චන්දේ දෙන්න ඕන සුද්දටෙයි කියලා..

    එලකිරි....

    ReplyDelete
    Replies
    1. සුද්ද හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ කියන කට්ටිය තාමත් ඉඳල හිටල හම්බවෙනවනෙ මාතෙ. රනිල්ගෙන් වැඩගන්න අපේ මිනිස්සු පින්කරල නෑ. අපරාදේ මිනිහ දේශපාලනේට ආවේ. විදේශ සේවෙට වගේ ගියානම් මෙලහකට සැහෙන වැඩක් කරලා.

      Delete
  4. Ehema onane,hondama horata balayadenna.kiyala illuwama mara udinma dinum,

    ReplyDelete
  5. .නියම ලිපිය, මාතත් මෙහෙම එකක් ලියල තිබුන නේද. පාරවල් හැදුවට ඒවලින් කොමිස් ගත්ත කියන්නේ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද... එහෙම කොමිස් ගන්නවද දේශප්‍රේමී මිනිස්සු. සමහරවිට ඔය පාරේ වැඩකරපු කම්කරුවෝ එහෙම වංචා කලාද දන්නේ නෑ.

      Delete
  6. අදමයි ආවේ (ලාංකීයසිතුවිලි හරහා) නියමයි... පරන ඒවත් කියෙවූවා

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා එහෙනම්.

      Delete
  7. නිර්මාණාත්මකයි. එක අතකට කවියක් වගේ. අන්තිමට නැමිල්ලත් මරු.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.