Thursday, March 12, 2015
ඉංග්‍රීසි බැරි අපේ ජනපති... ලැජ්ජයි
ජනාධිපති මෛත්‍රීගේ ඉඳගන්නා විලාසය, ඔහුගේ ඇඳුම්, ඉංග්‍රීසි නොහැකියාව ආදිය උලුප්පා දක්වමින් සමච්චල් කරන මහා උගතුන්යැයි කියන ෆේස්බුක් වීරයන් දකින විට මට ඇතිවන්නේ තරහකටත් වඩා අප්පිරියාවකි. සිංහල බෞද්ධකම ගැන දිවි දෙවෙනිකොට පෙනී සිටිනවායැයි කියමින් ඉංග්‍රීසි නොහැකියාවට සමච්චල්කිරීමෙන්ම මොවුන්ගේ නිරුවත හෙළිවෙන බව ඔවුන්ට නොතේරේ. පිටිසර ගමක ඉංග්‍රීසි නොදන්නා දෙමව්පියන් දෙදෙනෙකුට දාව ඉපිද මහන්සියෙන් ඉංග්‍රීසි ඉගෙනගත් මටනම් ඉංග්‍රීසිය යනු සන්නිවේදන මාධ්‍යයක් මිස ලොවට පෙනෙන්නට පැළඳිය යුතු ආභරණයක් නොවේ. රටේ නායකයා යනු ඉංග්‍රීසි පුළුවන් උඩු රැවුල වැවෙන පපුව ඉස්සරහට දමා කෙලින් හිටගන්න පුළුවන් අයෙකු වියයුතුනම්, එවන් පුද්ගලයන්ට පමණක් චන්ද බලය ලබාදිය යුතුයැයි මම යෝජනා කරමි. එවිට මේ වීරයන් කීදෙනෙකු චන්දය දීමට සුදුසුවේදැයි බැලිය හැකිය. ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම යනු රාජ්‍ය නායකයාගේ ශාරීරික අඩුපාඩු සෙවීම නොව, ආණ්ඩුවේ අඩුපාඩු සෙවීමයි. මේ ආණ්ඩුව තුල සිදුවන වංචා දුෂණ වැරදි ගැන විවේචනය කල යුතුමය. මෛත්‍රීපාල සිරිසේන වරදක් කරන්නේනම් එයද විවේචනය කල යුතුමය. නමුත් එය ඔහුගේ ගැමිකම මිටිකම මත පදනම් නොවිය යුතුය. පෞර්ෂය යනු ශාරීරික ලක්ෂණමත පදනම්වන්නක්ය කියන මානසිකත්වයෙන් ලෝකය මිදී ගොඩක් කල්ය. ශාරීරික ලක්ෂණ මත පදනම්ව නායකයන් තේරීම මේ වනසිට ගෝත්‍රිකයන් විසින් පමණක් සිදුකරන්නකි. අවුරුදු දෙදහස් පන්සියයකටත් එහා දිවෙන ශිෂ්ට ඉතිහාසයක් ඇති අප නැවත ගෝත්‍රික යුගයට යනවාද යන්න තීරණය කිරීම අප සතුය.
Subscribe to:
Post Comments (Atom)
ඔබ සමග 100% ක් එකඟයි. අපේ රටේ තමයි ඕවා,,, මේ රටේ ඉංග්‍රීසි කතා කරන අයව ගණන් ගන්නේ නැහැ,, මේක අපේ රට අපේ භාෂාවයි කතා කරන්න ඕනේ ,අපේ රටේ මිනිස්සුන්ගේ හැමදේටම බොරු ආටෝපේ විතරයි..
ReplyDeleteෆේස් බුකියේ ලියන මරාගේ සට්ටඹියෝ හිතාගෙන ඇති මරාගේ ඉංග්‍රීසි හොඳයි කියලා. මරාගේ ඉංග්‍රීසි අන්තිමයි. අල් ජසීරා එකත් එක්ක තියපු සාකච්ඡාවේදී මරාගේ පුකේ ඉංග්‍රීසි දැනුම හොඳට පෙනුනා.
ReplyDeleteකවුරුන් කෙසේ කීවත් මගේ විශ්වාසය නම් අපි තවමත් සිටින්නේ ගෝත්‍රික යුගයේ බවයි.... ආගම්, ජාති, දේශපාලණ පක්ෂ, නායකයින් අනුව බෙදී ඇනකොටාගැනීම පෙන්වන්නේ 100% එම ගෝත්‍රික ගතිලක්ෂණයි....
ReplyDeleteඅනෙක් කරුණ නම්, ඉංග්‍රීසි නොහැකියාව කිසිසේත්ම සමච්චලයට ලක්විය යුතු කරුණක් නොවුනාට... ශ්‍රී ලාංකිකයෙකු විදියට සිංහලෙන් කථා නොකර නොදන්න ඉංග්‍රීසිය කථාකිරීමට යාම ගැන මගේ කිසිම පැහැදීමක් නෑ....
ඔබට මතක නම්, මීට කාලයකට පෙර සිරස රූපවාහිනියේ කිංස්ලි සමග සාකච්චාවකට පැමිණියා වැදිනායක වන්නියල ඇත්තෝ. ඔහු වැදි බස හැරුනුකොට සිංහල ඇතුළු භාෂා කීපයක ප්‍රවීනයෙක්.... සාකච්ඡාව සිංහලෙන් පැවැත්වීමට කිංස්ලි යෝජනා කලත් වැදි නායකයා එය ප්රතික්ෂ්ප කලේ "මා හැකි සෑම විටකම මගේ මව්බස (වැදි බස) හැර වෙනත් භාෂාවක් කථා නොකරන බවත්, ලෝකයෙන්ම එම බස කථාකරන සුළු පිරිස අතරින් එක් අයෙක් වීම ගැන තමන් ආඩම්බර වෙන බවත්" පවසමින්
ඔහුට ඇති ඒ අභිමානය අහලකින්වත් යාමට අපේ නායකයන්ට හැකිවී ඇතිදැයි සිතීම ඔබට බාරයි................
ජයවේවා.........!
ගල් යුගයේ ඉන්න වැද්දෝ බන් .
ReplyDeleteඋන් හිතන්නේ සාටකයා තමයි මෙතුවක් කාලෙටම ලෝකෙටම පහල වෙච්චි එකම මනුස්සයා කියල.
උන්ගේ මෝඩකම බන්.
බයියෝ නේ. මරන්න යෑ .
වැද්දන්ට අපහාස කරන්න එපා බන්.... උන් අපිට වඩා උසස්... අඩුමගානේ උන් සොබාදහමට ආදරය කරනවා..... ගහක අත්තක් කපාගන්නේ හරි සතෙක් මරාගන්නේ හරි අවශ්‍යතාවයකට විතරයි.....
Deleteමහ ලොකුවට අවුරුදු 2500ක ශිෂ්ට ඉතිහාසයක් තියනවා කියන අපි මොනවද කරන්නේ????
කැලේ ඉතුරුවෙලා තියන ගස් ටිකත් කපලා විකුනන් කනවා... වන්දනා ගමනක් ගියත් හොයන්නේ දඩමස්.... හොඳයි පුළුවන්නම් නෑ කියපන්..............
ඉංග්‍රීසි බාසාව කියන්නෙ සන්නිවේදනය,කියන පාර තරනය කරන්න දාන සපත්තු දෙකක්.අපේ මිනිස්සු ඒක බෙල්ලෙ එල්ලගෙන!!
ReplyDeleteගෝත්‍රික ලෙස හැසිරෙන ජහපාලන පිම්පියන්ට ගෝත්‍රික ලෙසම පිළිතුරු දිය යුතු වේ. ජහ පාලන පිම්පියන් මරාගේ සාටකය , ක්‍රිස් නෝනිස් ගේ ඉංගිරිසි උපහාසයට ගත්තා ඔබට අමතකද ?
ReplyDeleteහැකිනම් ජහපාලන පිම්පි මඩ නවත්වන්න. විවේචනය කරන්න.
http://www.mahinda.info/2015/03/jordan/
අපේ ජනාදිපති ට ඉංග්‍රීසි කතා කරන්න බැරි බව කියා මහා ලොකුවට මදිකමක් විදියට දක්වා බොහෝ අදහස් මෙහි ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රංශයේ, ජර්මනියේ, රුසියාවේ, ජපානයේ වැනි රටවල නායකයෝ මහත් ආඩම්බරයෙන් විශේෂ අවස්ථාවල පවා කතා පවත්වන්නේ ඔවුන්ගේ මව් භාෂාවෙන්. ඒ ගැන ඔවුන් ආඩම්බර වෙනවා. ඇයි මේ සිංහල අපට පමණක් මේ ඉංග්‍රීසි ගැති ආකල්පය.
ReplyDeleteමමත් මේ ජනාදිපති ට කැමති නැහැ. නමුත් සිංහලෙන් කතා කරන්න ඔහුට තිබෙන දිරිය ගැන අපි ආඩම්බර වෙන්න ඕන.
සිංහලෙන් කතා කරන්න ඔහුට තිබෙන දිරියක් තිබුනානම් මමත් ආඩම්බර වෙනවා... නමුත් මට නම් මෙතන තියන ප්‍රශ්ණය ඔහු බැරි ඉංග්‍රීසිය කතාකිරීමට යාමයි........
Deleteඔව් හරි. ඒත් කතා කරන්න ඉගෙන ගන්න එකයි වටින්නේ..
ReplyDeleteබුකියේ උන් මොන රෙද්දෙද වැරදි දකින්නැත්තෙ. පැරදුනු උන් ඔය අවුරුදු හයම අඬයි ඉතිං... අපිට පාං යැ.
ReplyDeleteමෙහෙමයි දසයා..................
ReplyDeleteඉංග්‍රීසි කියන්නේ තවත් ඒක භාෂාවක් විතරයි... ඒක මේ වන විට බහුතර ජනතාවකට හුරු අන්තර් සන්නිවේදනය මාධ්‍යයක් විදිහට භාවිතා වෙනවා... ඒත් ඉංග්‍රීසි බැරිද පුළුවන් ද කියන ඒක මත කිසිවක් තීරණය වෙන්නේ නැහැ.... අවශ්‍ය වෙන්නේ දැනුම පරිණතබව සහ දැක්මයි.... ඉංග්‍රීසි බැරිනම් පරිවර්ථකයෙක් භාවිතා කරන්න පුළුවනි... ඔ්න තරම් රාජ්‍ය නායකයින් පවා ඒහෙම කරනවා... ඒක ලැජ්ජාවට කරුණක් නෙමෙයි... ජාතිය ගැන මහා ලොකුවට කියවන උන්ට වටිනා දෙයක් නෙවැ..... ඉතින් වැදගත් වෙන්නේ අන්තර් සම්බන්ධතා සහ දැකමකින් යන ඉදිරි ගමනක් විතරයි...........
භාෂාව කියන්නේ සන්නිාව්දන කරන මාධ්‍යය. ඒක මොකක් වුනත් කමක් නැහැ කතා කරන දෙන්නට තේරෙනවනම්. මෛත්‍රි මෙතනදි ඉංග්‍රිසි හොඳට බැරි වුනත් ඒ භාෂාවෙන් කතා කරන්න ඇත්තේ කැමරන් සිංහල පොඩ්ඩක්වත් නොදන්න නිසා වෙන්න ඇති. කතා කරන දෙන්නටම පොදු භෂාව ඒ අවස්ථාවේ යොදා ගන්න එක තමයි විය යුත්තේ. එහෙම වුනා කියලා මෛත්‍රි ලෝකේ තියෙන හොඳම ඉංග්‍රිසි කතා කරන්න අවශ්‍ය නැහැ. දෙන්නටම තේරුනානම් ඒ ඇති. අපේ භාෂාව සිංහල කියලා අපි කොහේ ගියත් සිංහලෙන් කතා කිරීම යුතු නෑ. මම ඉතාලියට ගියාම ඒ රටේ කෙනෙක් සිංහල දන්නෙත් නැහැ, ඉංග්‍රිසි දන්නේත් නැහැ නමුත් මම යන්තම් ඉතාලි භාෂාව දන්නවානම්, ඒ භාෂවෛන් කොහොමහරි ගැටගහගන්නවනම් ඒක තමයි විය යුත්තේ. මට ඒ භාෂාව හොඳට බැරි වුනා කියලා ඒ මිනිසා හිනාවෙන්නේ නැහැ. පුළුවන් හැම වෙලාවෙම මාව නිවැරදි කරනවා විතරයි.
ReplyDeleteඋඹ අපි රට ගියා වගේ නෙමේ බන් ඔය ලොක්කො රට යනකොට... ටිකක් දූපත් මානසිකත්වයෙන් මිදිලා හිතන්න පුරුදු වෙයන්....
Deleteගිය පාරක ඔය ජපන් හරි චීන හරි ලොක්කෙක් එනකොට පහල පින්තූරේ මැද ඉන්න එකා තමයි කථා කරන ඒවා ට්‍රාන්ස්ලේට් කරේ.... මොකද උන් කොහෙ ගියත් උන්ගේ භාෂාව විතරයි කථාකරන්නේ .....
http://news.lk/images/bt_media/images/large/ef1ebe509a5134bc21aca4358a5d78b8.jpg
භාෂා පරිවර්තක සේවය කියලා තනතුරු හදලා රජයේ පඩි ගන්න ට්රාන්ස්ලේටර්ල කියල ජාතියක් තියාගෙන ඉන්නේ ඔය වෙලාවට වැඩට ගන්න තමයි...
අනික ජනාධිපති වරයෙක් වගේ කෙනෙක් එනකොට අපි දැනුම් දුන්නොත් අපිට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් නෑ කියලා ඒ රටෙන් අනිවාර්යෙන්ම ඒ පහසුකම් සලසනවා.... මම මේ නිකං නෙවේ, කාලයක් විද්ශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ කරල තියන නිසයි කියන්නේ......
ඔව්වා ඔහොම තමයි බං අතේ ස්මාට් ෆෝන් තිබ්බට,පැය විසිහරම අන්තර්ජාලේ හිටියාට තවම බහුතරය ගෝත්රිකන්ටත් අන්ත විදියෙන් හැසිරෙන්නේ.
ReplyDeleteඉංග්‍රීසි බැරි වීම මම නම් ඒ හැටි ප්‍රශ්ණයක් විදිහට දකින්නේ නෑ.. යුරෝපා රටවල ගොඩක් නායකයන්ට හරිහැටි ඉංග්‍රීසි බෑ.. ඒ රටවල කවුරුවත් ඒක ප්‍රශ්ණයක් කරන් නෑ..
ReplyDeleteසුබ පැතුම් දසයෝ
ReplyDeleteමගේ අදහස නම් තරමක් වෙනස්. රටක ජනාධිපති කෙනෙක් වුනාම ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට නිතර සිදු වෙන නිසා ඉංග්‍රීසි දැනුම අත්‍යාවශ්‍යය යැයි කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. මම ඒ තර්කයේ වැරැද්දක් දකින්නෙ නෑ. ජනාධිපති කම කෙසේ වෙතත් රටේ සාමාන්‍ය මට්ටමේ ආයතනයක විධායක නිලධාරියෙක්ට ඉංග්‍රීසි දැනුම නැහැයි කියන්නෙ ඇත්තටම ඔහුගේ රාජකාරිය සෑහෙන අපහසුතාවයට පත් කරන්නක්. එනිසා පැහැදිලිවම ජනාධිපති කෙනෙක් වශයෙන් ඉංග්‍රීසි දැනුම තිබීම සෑහෙන ප්‍රයෝජනවත්. අපි කොච්චර රැඩිකල් කතා කිව්වත් ඇත්ත ඒකයි, ඇත්ත ඒක බව හැමෝම දන්නව. නමුත් මෙතන ප්රශ්නය වැරැද්දක් කියන අරමුණින් වත්මන් ජනාධිපති තුමාට කිවිසුමක් යනකන් හෝ බලන් ඉන්න පිරිසක් ජනාධිපති තුමාගෙ මෙම ඉංග්‍රීසි භාෂාව හැසිර වීමේ දුර්වලතාවය ඔහුට පහර ගැහීමට යොදා ගැනීමට උත්සාහ කිරීමයි. එයට නම් පුද්ගලිකව මම එකඟ නෑ. ඉංග්‍රීසි පුළුවන් නම් හොඳයි. මම එය පිළිගන්නවා. නමුත් ඉංග්‍රීසි බැහැයි කියන එක පහර ගහන්න තරම් අඩුවක් නෙමේ. ඉංග්‍රීසි දැනුම නැති එකෙන් ඔහුගේ කටයුතු තරමක් අපහසු වුනත් ඒ අපහසුතාවය සමඟ ගනුදෙනු කරන්න පුළුවන් නම් එතන කිසිම ගැටළුවක් නෑ. මොකද අපිටත් ක්‍රිස් නෝනිස්ට වගේ ඉංග්‍රීසි පුළුවන් යැ.
ReplyDeleteතව දෙයක් කියන්න ඕන, වත්මන් ජනාධිපති තුමාට ඉංග්‍රීසි බැහැයි කියලා කෑගහන හිටපු ජනාධිපතිගේ ආධාරකරුවන් තේරුම් ගන්න ඕන හිටපු ජනාධිපති තුමාට ඉංග්‍රීසියෙන් තියා සිංහලෙන්වත් හරියට ප්‍රශ්නයකට පිළිතුරු දීගන්න බැරි බව. ඔහු සහභාගි වුන සම්මුඛ සාකච්ඡා බැලුවොත් ඒ බව පැහැදිලිවම දකින්න පුළුවන්. ලිස්සලා යන උත්තර සහ එකම තැටිය නැවත නැවත වාදනය කිරීම හැර ඔහුගෙන් කිසිම පොයින්ට් එකට අදාලව උත්තරයක් ලැබෙන්නෙ නෑ. අලුත් ජනාධිපති තුමාගෙ ඉංග්‍රීසි දැනුම හොයන්න කලින් ඒගොල්ලෝ ආයේ පත් කරගන්න හදන ජනාධිපති තුමාට හරිහමන් විදිහකට සිංහලෙන් ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්ද කියලා අදාල ආධාරකරුවන් සොයා බැලුවොත් හොඳයි කියලයි මම හිතන්නෙ.