Thursday, April 23, 2015

දිවි පුදා හොරු රකිමු



පින් සිද්දවෙයි බුදු මහත්තයො
ගෙනියන්න නම් එපා කොල්ලව
අපේ බඩගින්දර නිවන්නයි
කෙරුවෙ ඌ ඔය දහදුරා වැඩ
අන්න චමිලය ඇරෙස්ට් කරලලු
අතේ කෝට්ලු සුද්දෙ දෙද්දිම
රජකාලේ දඬුවම් දීල මදි
ඔය වගේ වැඩ කරන හැත්තට
පොලිසියෙන් සම්බුව හම්බවෙයි
බිව්ව රන් කිරි මතක් වෙන්නම
බැනර් ටික ඔක්කොම හරිද බන්
හෙට වැඩේ දෙමු ඇට්ටි හැලෙන්න
අපේ ලොක්කට ලෙඩක් දැම්මොත්
මමත් රෙඩි උන් මරන් මැරෙන්න

- දසයා

13 comments:

  1. //දිවි පුදා හොරු රකිමු//

    මරු බං,මටත් හිතයි දැන් දේශප්‍රේමි හොරෙක් වෙන්ට.

    ReplyDelete
  2. නොරැක ඉන්න බෑ මට නං මගේ අනාගතේ

    ReplyDelete
  3. යදමින් බැඳ විලංගු ලා
    අපේ බැසිලා රැගෙන යන්න
    ඉඳිකටු ඇණ පතුල් පළා
    දෙතිස් වදය පමුණුවන්න

    සියේට දහයෙ කොමිස් ගහල
    බේරෙන්නට ඇහැකි නම්
    කුමට එරට අධිකරණය
    නීතිය හා විනිසුරන්?

    ReplyDelete
  4. හොරු වෙනුවෙන් අපි....... හැම තැනම ලැග්ග අපිට පාර්ලිමේන්තුවේ සැපට ලැගීම කජ්ජක්ද බොල???

    ReplyDelete
  5. කව්ද කියන්නෙ එතුම හොරකම් කලා කියල.
    චී චී ඒව බාල වැඩනෙ.
    මෙයා කරල තියෙන්නෙ රාජ්‍ය මුදල් අයථා පරිහරනය.
    ඒක හරිම හයිෆයි වැඩක්

    ReplyDelete
    Replies
    1. මෙයා කරල තියෙන්නෙ රාජ්‍ය මුදල් අයථා පරිහරනය.
      ඒක හරිම හයිෆයි වැඩක්//
      +++++++++++++++++++++++++++++++++

      Delete
  6. දිවි පුදා හොරු රකිමු..

    මේ දවස් වල කට්ටියම පණ දී ගෙන දගලන්නේ ඒකටනේ..

    ReplyDelete
  7. පැමිණියෙමි,
    කියවීමි,
    නිහඬවම යන්න යමි,
    උපරිමයි යනු කියා...

    ReplyDelete
  8. අත තිබ්බොත් බලාගෙනයි..

    ළොකු හොරුන්ට

    ඕන දෙයක්

    පොඩි එවුන්ට

    ReplyDelete
  9. ප්‍රාඩෝ එකක් ඉර කපපුවම අහක බලන් ඉන්න පොලිස් රාළහාමිලා ත්‍රීවීල් කාරයෙක් ඒකම කලාම අල්ලසක්වත් ගන්නෙත් නැතුව දඩ කොලේ ලියලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරයි.

    පණිවිඩය ;

    ප්‍රභූ වරු හොරකම් කලාට කමක් නෑ. එත් ප්‍රභූ පට්ටම ගන්න බැරි වුන උන්ට හොරකම් කරන්න බෑ. Non-ප්‍රභූන්ට නීතිය සැරයි. පරිස්සමින් !

    ReplyDelete
  10. යහපාලනේට පුක දීල නේද සම්මාන ගත්තෙ

    ReplyDelete
    Replies
    1. නිකන් තියන එකනෙ මචෝ. සම්මානෙකුත් දෙන එකේ.

      Delete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.