Sunday, January 04, 2015

අපි මැට්ටෝය... අමුම අමු මැට්ටෝය...


අපට කුඩා කල සිට උගන්වා ඇත්තේ ලද දෙයින් සතුටුවන්නටය. එනිසා අප කරන්නේ මහන්සියට සරිලන වැටුපක්, අදායම් සාධාරණව බෙදීයන ක්‍රමයක් ලබාගැනීමට උත්සාහ දරනු වෙනුවට ලැබෙන සොච්චමෙන් බඩ බාගෙට කා ලද දෙයින් සතුටු වීමට උත්සාහ කිරීමය. ඒ මදිවාට බන්දුල ගුණවර්ධන වැනි ඇම්බැට්ටයින් විසින් තියරියට අනුව එසේ ජීවත් වන ආකාරය ගැන නොමිලේ දෙන උපදෙස් ලබා ගැනීමටද අප සුදානම්ය. වැඩිහිටියන්ට ගරු කළ යුතු නිසා වැඩිහිටියන් කියන දෑ හරි හෝ වේවා වැරදි හෝ වේවා හිස් මුදුනින් පිළිගැනීමටත් ඒ ගැන ප්‍රශ්න නොකරන්නටත් අපට බලකර ඇත. මෙනිසා වැඩිහිටි හිත් නොරිදා තම සිත් රිදවාගෙන මේඩ්ඩන් වන්නට ට්‍රයි කරන කලාකාමී දරුවන්න්, කදුළු බිබී පවුල් කන ආදරවන්තයින් අපේ සමාජයේ බහුලය. මොනවා උනත් සිවුරට සැලකිය යුතු නිසා විවිධාකාර අයි.ආර් .සී කාරයන්ට සිවුරක් ඇඟට දමාගෙන ජාතිවාදය වපුරන්නට කුණුහරප දේශනා කරන්නට ඉඩදී කරබාගෙන සිටිය යුතුය. ඔවුනට එරෙහිව යන්නේනම් අබ සරණ ලැබීමට සුදානම් විය යුතුය. වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් ඇති නිසා ඒ ඉතිහාසය ගැනම උදම් අනමින් අනාගතය අමතක කර දමන්නට අප හරිම කැමතිය. මහන්සි වී අනාගතය ගොඩනගනවාට වඩා අතීතය ගැන  තලුමැරීම ලෙහෙසිය පහසුය. බොහෝවිට අපි ආසියාවේ එකය ලෝකයේ එකය කියා පම්පෝරි ගසමින් ජාතියක් වශයෙන් ස්වයං වින්දනයේ යෙදීම අපේ විනෝදාන්ශයකි. හැබැයි අප පසුකර ලෝකය වේගයෙන් ඉදිරියට යනබවත් ඒ සමග යාමට යුහුසුළුව වැඩකළ යුතුබවත් අපට සිහිවන්නේම නැත. කළගුණ සැලකීම උතුම් ගුණයක් බව අපට කියාදී ඇත. එම නිසා අපේ දරුවන්ගේ අනාගතය උගස් තබා හෝ කළගුණ සලකන්නට අප පැකිලෙන්නේ නැත. මේ සියල්ල කරන අපට උදේ සිට රෑ වෙනතුරු ටීවී එකට රේඩියෝ එකට අරක්ගත් දේශපාලකයන් "බුද්ධිමත් ජනතාව" යැයි පුන පුනා කියන නිසා අපට ලොකු ආඩම්බරයක්ද ඇත. ඒත් අප බොරුවෙන් මුලා කල හැකි යළි යළිත් රැවටිය හැකි අමුම අමු මැට්ටන් බව උන් සක්සුදක් සේ දන්නාමුත් අපටනම් ඒ ගැන වගක්වත් නැත.

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

8 comments:

  1. බැරියර් කඩාගෙන යන උඹලට මම කැමති ඒකයි.. නැත්නම් මේ රටට ගෙන හත ගහනවා හේතුවක් නැතිව...

    ReplyDelete
  2. දසයෝ............... සම්මානයකුත් ලැබුණා නේද?? අපේ සුභ පැතුම් හිටං.................

    ReplyDelete
  3. හරියට හරි මචන්.
    තාම මුන්ගේ බොරු විස්වාසකරන ගොබ්බයො රෑලක් ඉන්නවා.
    මාරයා වගේ නූගත්තු,
    යකා වගේ තක්කඩි,
    ණය මී මාමා වගේ සොරදෙටුවෝ,
    වගේ උන් මරා හෙලුවෙන් රට පාලනය කරත් චන්දේ දෙනවා.

    ඵ් කොහොම උනත් මේ රටේ මහජනතාව මරා පිල්ලිය ට ඵරෙහිව චන්දෙ පාවිච්චිකරලා......ජනතාව යනු මාරයා යකා ණය මී මා පන්නයේ නූගත් අමනයින් නොවන බව ඔප්පුකරලා පෙන්නිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇයි "මහා කළුවා" අමතක වුනාද ?

      Delete
  4. ඒක සම්පූර්න ඇත්තය. අපි මැට්ටන් නොවන්නේනම් අපේ ගෙවල්වල තියෙන රෑපවාහිනිය නැත්නම් පචවාහිනිය මෙලහකට කුඩේ කුඩුය.

    ReplyDelete
  5. කල ගුණ තමා අන්තිමට දිනන්නේ. හේ හේ .

    ReplyDelete
  6. සෙල්ලං ඉවර කරනවා මේ ගමන.

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.