Monday, February 22, 2010

සනා බෝයි මේ අහන්න, බලන්න මේ සුසී දිහා | Sana Boy, Learn from Her


"සනා මාතරින් ඡන්දෙ ඉල්ලන්න යනවා" මේ දැනට සති දෙකතුනකට පෙර කන වැකුණු ආරංචියකි. එය ඇසූ විට සිදුහත් කුමාරයා මුලින් දුටුදා අසිත තවුසාට ඇති උනාක් මෙන් මටද සතුටකුත් ඇතිවිය දුකකුත් ඇතිවිය. සතුටක් ඇතිවූයේ මහත්හොරුන්ගෙන් පිරි ඉතිරී ගිය පාර්ලිමේන්තුවේ සනා වැනි මහත්වරුද දකින්න ලැබෙන නිසාය. දුක ඇතිවූයේ මගේ ප්‍රියතම ක්‍රීඩකයා වූ සනාගේ වේගවත් පිති හරඹය මෙයින් මතු දකින්න ලැබෙන්නෙ නෑනේ කියා සිහිවූ නිසාය. දැන් සිද්ධිය ස්ථිරය. සනත් ටෙරාන් ජයසූරිය හෙවත් අප කවුරුත් දන්නා සනා බෝයි මහින්ද මාමාගේ පක්ෂය යටතේ මාතර දිස්ත්‍රික්කයෙන් තරඟයට පිවිස සිටී. වැඩේ නම් එල කිරිය. නමුත් පොඩි පරහක් ඇත.

පරහ නම් සනා දේශපාලනයේ යෙදෙන්න යන්නේ ක්‍රීඩාවේ යෙදෙන ගමන්මය. සනත්ට ක්‍රිකට් පාලක මණ්ඩලයේත් අනුමැතිය ලැබී ඇතිකොට මෙහි ඇති වරද කුමක්ද? අනර්කලී ආකර්ශාට රඟපාන ගමන් පලාත් සභාවට යන්න පුළුවන් නම් කරුණාරත්න දිවුල්ගනේට ගී ගයන ගමන් ආණ්ඩුකාරයෙක් වෙන්න පුළුවන් නම් විජයදාස රාජපක්ෂට නඩු කතාකරන ගමන් පාර්ලිමේන්තු යන්න පුළුවන් නම් සනාට ක්‍රිකට් ගහන ගමන් ඡන්ද කරන්න බැරි ඇයි? බැරි නැත පුළුවන්ය. නමුත් අනර්කලී, දිවුල්ගනේ, විජයදාස මෙන් නොව සනා නියෝජනය කරන්නේ රටයි. ලංකාවෙන්ම එකොලොස් දෙනෙකුට පමණක් වරකට ලැබෙන මෙම අවස්ථාව ගරු (වෙන්න) පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මැතිතුමා තවදුරටත් ලබාගැනීම සදාචාරාත්මකද? මේ ගැන මා කියනවාට වඩා හොඳින් සුසනතිකා කියා ඇත‍‍. (මේ සමග ඇති වීඩියෝ එක බලන්න.) නිතරම කට වරද්දාගන්නට ප්‍රසිද්ධ පැත්ත ගියත් ඇත්ත කියන සුසීගේ මේ කතාවටනම් ඇගේ කටේ මසුරං දැමිය යුතුය.

දේශපාලන සදාචාරය රෙද්ද පල්ලෙන් බේරෙන මේ රටේ මේකත් කජ්ජක්දැයි ඔබට ඇසිය හැකිය. කතාව ඇත්තය. නමුත් ජනතාවට එපාවූ දේශපාලුවන් මෙන් නොව සනා තවමත් ජනතා වීරයෙකි. පන්දම් නොඅල්ලා දුර ගමනක් ගිය සනා නායකත්වයෙන් නම්බු පිටින් ඉල්ලා අස්වූ සනා මෙවරත් තම මහත්මා ගතිය රැකගන්නේනම් මැනවි යන්න අපේ අදහසයි. නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ සනා අළුත් ගමන පටන්ගත් තැනම වරද්දාගත් බවයි.

සනා බෝයි නුඹ තවමත් ප්‍රමාද නැත... තීරණයක් ගැනීමට තවත් ටික කාලයක් ඉතිරිව තිබේ...

ප.ලි: මුරලිත් මහනුවරින් තරඟයට එන බව දැනගන්නට ඇත. ඔහුටත් කීමට ඇත්තෙ මේ ටිකමය. මුරලි අයියෙ මේ අහන්න, බලන්න මේ සුසී දිහා. බලල හැදෙන්න.

වීඩියෝ එක ඉස්සුවේ ඩේලි මිරර් එකෙන්

11 comments:

  1. අර්ජුන රනතුන්ගට අද අත්වී ටිබෙන ඉරනම කුමක්ද?
    අපේ ප්‍රාර්තනාව , ජයසූරියටත් එවැනි දෙයක් සිදු නොවේව කියායි.

    ReplyDelete
  2. Katawa atta . .. . good post macho . . .

    ReplyDelete
  3. සම්පූර්ණ ඇත්ත. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැමෝම කැමති කෙනෙක් හැටියට සනත් මේ ගැන මීට වඩා කල්පනාකාරී වුනොත් හොඳයි වගේ

    ReplyDelete
  4. අර්ජුනට සිදුකරගත් දෙය නොකරගනීවා.

    ReplyDelete
  5. ඇත්ත කතාව මචං. ‍හොඳ ලිපියක්.

    ReplyDelete
  6. සනත් හොඳ මහත්මයෙක් වුණත් දේශපාලනයට‍ කොච්චර ගැළපෙයිද කියල කියන්න පුළුවන් ඉතින් පත්වෙලා ටික කලක් ගියාට පස්‍සෙ තමයි.
    හොඳ ලිපියක්!

    ReplyDelete
  7. Shathika aththa. Deshapalane kireema kohoma wethath meeta awurudu dekakata withra kalin pension giya nam aluth kollekuta team ekata enna awasthawak lebenawa.Eth kawuda danne Sanath naakima team member weeme record eka thiyana hitha gena innawada kiyala?

    ReplyDelete
  8. අනේ මන්ද.....මහත්මා ක්‍රිකට් කලාවෙන් අවැදගත් දේශපාලනයට එනවා කියන්නේ.......... :(
    ඒක සතුටුවෙන්න පුළුවන් ආරංචියක් නම් නෙමේ....

    ReplyDelete
  9. රොකියා වෙත,
    ඇත්ත මචෝ. අනූ හයේදී රජෙක් වගේ හිටි අර්ජුන අද?

    දුකා වෙත,
    ස්තුතියි මචං

    RanDil වෙත,
    සනත් නම් කියන්නේ ගොඩක් කල්පනා කරලලු තීරණය කරේ.

    පළමු නමක් නැති යහළුවා වෙත,
    මම දන්න හැමෝම ඔය නිව්ස් එක අහපු ගමන් කිවිවෙ ඕක තමා.

    Raven වෙත,
    ස්තුතියි මචෝ.

    තමීර වෙත,
    ඒකනේ මහත්වරුත් නරක් වෙන්න පුළුවන් බලය ලැබුනම.

    දෙවන නමක් නැති යහළුවා වෙත,
    මමත් එහෙම හිතනවා. එපා වෙනකල් එල්ලිලා ඉන්නවට වඩා මිනිස්සු ආදරේ කරද්දිම අයින් උනානම් තමා වටින්නෙ.

    දිල් වෙත,
    බලමුකෝ සනත් සතුටු වෙන්න පුළුවන් දෙයක් කරයිද කියල.

    ReplyDelete
  10. කාලයට උචිත හොඳම දෙයක්, තමයි දසයා ලියලා තියෙන්නේ.
    සනත්ට මේක කියවන්න ලැබුනොත් මොන තරම් වටිනවද..??

    මේ වගේ තීරණයක් එක පාරක් නෙවෙයි සිය පාරක්වත් හිතලානේ ගන්න ඕන.

    සනා ලෝක පූජිතයෙක්.
    ඒ වගේ කෙනෙක් කොහොමද, එක පැත්තක් ගන්නේ.

    ReplyDelete
  11. නිල් අහස වෙත,
    අපි කොච්චර කිව්වත් සනා අහන්නෙ නෑනෙ. ඕක නිසා තමයි කියන්නේ බලය හමුවේ මිනිස්සු අන්ධ වෙනවා කියල.

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.