Monday, February 15, 2010

කඩු පසෙකට හෙල්ල අතට | Let's Do It Our Way

සකල සිරින් පිරි
සිරිලංකාවේ
වැප් කියලා
කොළුවෙකු සිටිනා
සිංහලකරණය
කියලා කවියක්
ඒ කොළුවා
පද බැඳලා තිබුනා
ඒක කියවමින්
ඉන්නා දසයගෙ
කවි සිතුවිලි
අවදිව එන්නා
සබේ සියල්ලනි
අවසර එහෙනම්
මම ඒ සිතුවිලි කවි කරනා..
සිංහල බ්ලොග් අවකාශේ
අපේ අයගෙ හරඹ දැකල
හිතට නැගෙන දේ ලියන්න
දසයලටත් ආස හිතුන

කොච්චර රසවත් දේවල්
කඩ්ඩෙන් ලිව්වත් කිව්වත්
හිතට කිසිම රහක් නෑනෙ
හෝටලයෙන් කෑව වගේ

කාපු හැටිද බීපු හැටිද
බයිස්කෝප් බලන හැටිද‍
‍කොම්පුටර් වැඩ කෑලිද
රටේ ලෝකෙ දකින හැටිද

මෙකීනොකී හැමදෙයක්ම
එක තැනකින් බලාගන්න
තියන දැනුම බෙදන ගමන්
නොදන්න දේ ඉගන ගන්න

එන්න එන්න සැවොම එන්න
මේක අපිට වෙන්වුන තැන
කඩු පසෙකට හෙල්ල අතට
බස රැකගෙන යමු සටනට

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

8 comments:

  1. මගේ ආචාරය ...!!!
    [මටත් කරන් බැරි දෙයක් නැහ දැන් - කවි සතුවිලි අවදි කරන ඒක]

    ReplyDelete
  2. ෂහ්... එලම කිරි... මුල්ම පද කිහිපය නම් මැක්සා... බලාගෙන ගියාම මොන දසයෙක්ද.. එල කොල්ලෙක් නෙ... වැල් වටාරම් නැතිව මේ ලිවිල්ල හෙල්ලෙන්ම ඇන්න වාගෙ තමා... හැබෑය මලයෝ... ඉංග්‍රීසියෙන් කුණුහබ්බයක්වත් කිව්වහම හිතේ කේන්තිය යනවයැයි.... මම මල්ලිත් එක්ක... ඔහොම යං...

    ReplyDelete
  3. සකල සිරින් පිරි සිරි ලංකාවේ
    ඔබ වැනි දසයන් හිගයි පුතේ
    රැප් කරමින් කල් ගෙවනා කොල්ලන්
    ගෙන් මේ ලෝකය පිරී ඇතේ

    තුති දෙන්නේ නම් මල් වැනි කොල්ලන්
    ගෙන් blog ලෝකය සැදී ඇතේ
    මට දුක මා වැනි කෙල්ලන් හිගයක්
    blog එක තුල අඩු එකයි මලේ

    ලියන්න ලියන්න ලියනා අතමයි
    මතු දවසක ඉහළට එන්නේ
    හිතන්න හිතන්න හිතනා හිතකුයි
    අනුන්ගෙ කදුලෙදි තෙත් වන්නේ


    තිස්ස සහෝ වැනි අගනා මැණිකුත්
    ඉදලා හිටලා හරි හමුවෙනවා
    මගෙ ගෙට ගොඩවි කොමෙන්ටු දමනා
    සියළූ දෙනා ටම තැන්ක්යූ කීවා.

    ReplyDelete
  4. වැප්, චතුරංග මල්ලී, තිස්ස අයියා, wath අක්කා,
    තුති හැමදෙනටම - ආවට මේ දෙස
    නුඹේ දිරිගැන්වුම - සවියකි මා හට

    ReplyDelete
  5. දස්යා අයියෙ හරිම ලස්සනයි කවිපද ටික.මට හිනත් ගියා ඔයා ඒක කියලා තියෙන විදිහට...
    ම්...එත් මට ලස්සනට කවිහදන්න බෑනේ...

    ReplyDelete
  6. උඹ නං දසයෙක්ම තමා. දිගමට ලියන්ට. මට බෑනේ ඔය වගේ කවි ගොතන්​ට

    ReplyDelete
  7. මම කියන නංගිත්
    බුද්ධී සහෝදරයන්
    ඔබ දුන්න දිරියත්
    වටිනවා මට වෙන්න සවිමත්

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.