Tuesday, February 09, 2010

දසයා රෑ දු‍‍ටු දවල් හීනය හෙවත් නැන්දම්මා ලේලි සහ ජනාධිපතිවරණය | Dasaya's Day Dream at Night

‍පහුගිය ටිකේම ගීතා කුමාරසිංහලා, දයාසිරි ජයසේකරලා, නිමල් සිරිපාලලා දුන්න ආතල් බල බල රෑ වෙනකල් නිදිමැරුවත් දැන් ඉතින් ඡන්දෙත් සමගම ඒ ආතලුත් ඉවරවීම නිසා ටිකක් වේලාසන ඇඳට ආවා‍. ඔන්න බොලේ නින්දත් නොනින්දත් අතර ඉද්දි මටත් පෙනුනෙ නැතෑ මරු හීනයක්. බැලූ බැල්මටනම් මේක දවල් හීනයක් වගේ ඒත් මේක රෑක පෙනුන දවල් හීනයක්.

ඔන්න මට මුලින්ම පේන්න ගත්තේ ගමක තියන පුංචි ගෙයක්. මාත් පොඩ්ඩක් ලංවෙලා රබර් ඇහැදාලා බැලුවා මොකද ඒ පැත්තේ වෙන්නේ කියල. පෙනුන හැටියට වෙසක් පෝය පහු උනා විතරයි වගේ ගේ ඉස්සරහ එල්ලපු වෙසක් කූඩු බල්බ් වැල් එහෙමත් තාම එහෙමමයි. ගෙදර කට්ටියම එකතුවෙලා පොඩි පාටියක්. කට්ටියම කිව්වට මහ ගොඩක් නෑ තුන්දෙනයි. ගෙදර අම්මයි පුතයි පුතාගෙ බිරින්දැයි තමයි එකතුවෙලා පාටිය දාන්නේ. මටත් ඉතින් හීනෙන් උනත් කට පියාගෙන ඉන්න බෑනෙ, අහල බැලුව මොකද මේ කට්ටිය පාටි දාන්නෙ කියල‍. යකඩෝ මේක එසේ මෙසේ පාටියක් නෙමේ ජයග්‍රාහී පාටියක්. නැන්දම්මල ලේලිල ඔක්කොම එකතුවෙලා අල්ලපු ගෙදරට වෙලා අවුරුදු ගානක් නගරංදාපු මරු සිරාව ගහල පන්නල. ඒක සමරන්න තමයි මේ පාටිය. බලන්න එපෑයැ ඒකෙ ජය, කිරිබත්ද කේක්ද බීමද අතුරුපසද නැති දෙයක් නෑ.

මමත් ඉතින් අංජනමක් බලනවා වගේ හීනෙ දිහා බලාගෙන ඉද්දි ඔන්න සීන් එක මාරු උනා මාස දෙක තුනක් ඉස්සරහට. මෙන්න බොලේ නැන්දම්මයි ලේලියි දෙන්නා දෙපැත්තට වෙලා අහස පොලව ගැටලන්න වගේ කල්පනා කරනවා. ඔන්න දැන් නැන්දම්මට හිතිල අර සිද්ධියෙන් පස්සෙ ලේලිට පුතාගෙන් ලැබෙන ඇළුම් බැළුම් වැඩියි වගේ කියල. "කොයිවෙලේ බැලුවත් මුන් දෙන්නගෙ මුකුලුවමයි. ලේලිගෙ අතපය හයි හත්තිය වැඩි නිසාත් ඉස්සරහට පැනල පපුවදීගෙන කෑගහපු නිසත් අපේ එකා හිතනවද දන්නෙ නෑ මේකි තමා ඔක්කොම කලේ කියල. හරි ඒක එහෙම තමයි කියමුකො, ඒත් මුලු සිද්ධිය වෙලාවෙම කන්න බොන්න ටික ළඟට ගිහින් දීල අර පෝරිසාදයට තඩිබාන්න වැටෙන් පොළු කඩල අතට දිල මම කරපු සුමේ නැත්නම් මුන් වෙලහකටත් ගුටිකාල පත්තු බඳිනව." කියල තමා නැන්දම්මට හිතෙන්නෙ. ලේලිට හිතෙන දේවලුත් මීට නොදෙවනි නෑ. "මම මගේ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව ගුටිකාගෙන ගිහිල්ල මේක ඉවරයක් කරලත් මේ මහ ගෑණිගෙන් මට නෑනෙ කිසිම සැලකිල්ලක්. අනේ අම්මප වෙලාවකට හිතෙනවා මුන්දැට ඕන කෙංගෙඩියක් කරගන්න දීල පැත්තකට වෙලා හිටියනම් කියල. එතකොටවත් තේරෙයිනෙ මගෙ අගේ." ඒ අතරේ මේ වයසක උන්දව පන්නල දාල මේ ගේ දොර ඉඩ කඩම් ටික අයිතිකරගන්න ඇත්නම් කියලත් ලේලිට නොහිතුනාම ‍නෙමේ.

කොහොමින් කොහොමින් හරි මේ නොහොඳ නෝක්කාඩු පුපුරල ගිහින් බැස්සෙ නැතැයි ලේලි මහපාරට. ඔන්න දැන් ලේලි කඩුල්ලගාව ඉඳගෙන නැන්දම්මට චැලෙන්ජ් කරනවා සටනට එන්න කියල. නැන්දම්මත් ඇරියෙ නෑ රෙද්දත් හොඳට තදකරල ඇඳගෙන බැස්ස ඔන්න සටනට. දැන්නෙ යකඩෝ කට්ටිය එන්නෙ, ලේලිට වැඩේ ලේසි ැවන්නෙ නෑ වගේ. කුස්සියෙ වළං හෝදන කොල්ලයි රෙදි නැන්දයි පන්සලේ හාමුදුරුවොයි ඔක්කොම නැන්දම්මගෙ පැත්තෙ. ලේලිත් අරින්නෙ නෑ, හන්දියෙ ත්‍රීවීල් පාක් එකේ කොල්ලො සෙට් එකයි මස් කඩේ මුදලාලියි පොකට් සුදයි කට්ටියම ඔන්න ලේලිට සෙට් වෙලා. දෙගොල්ලොම දෙපැත්තට වෙලා පළු යනකල් බැව ගන්නවා. විලි ලැජ්ජාවෙ බෑ ඒ අස්සෙ සමහරු රෙදිත් උස්සල පෙන්නනව. නැන්දම්මයි ලේලියි දෙන්නටම හපන් වටේ ඉන්න සෙට් එක. උන් ටික වයින් කරපු බෝනික්කො වගේ පැටලෙන්නමයි යන්නෙ. ලේලි පාරෙ යද්දි කොල්ලන්ට ලයින් දාපු හැටියි නැන්දම්ම ගෙදර කෑම ලොකු පුතාගෙ ගෙදරට ඇදපු හැටියි කතන්දර කෝටියයි.

ගෙදර මෙච්චර දෙයක් වෙද්දිත් කෝ මේ ගෙදර පුතා? මූ කොහෙට මකබෑ උනාද. අනේ මේ ඉන්නෙ කොලුව වැට උඩට නැගල. අනේ ඌ එහාට වැනෙනවා මෙහාට වැනෙනවා. ලේලි ඇවිල්ල අතින් අදිද්දි සිරියහනේ සුව මතක් වෙලාද කොහෙදෝ ඒ පැත්තට පනින්නම හදනවා. නැන්දම්ම ඇවිල්ල අතින් අදිද්දි බිව් රන් කිරි මතක් වෙලා වෙන්න ඇති ඒ පැත්තට යන්නයි හිත. කොහොමින් කොහොමින් හරි බෙල්ල උළුක් වෙනකල් එහාට මෙහාට වැනිල වැනිල වැනිල "මට පස්සෙ ආපු අඟට වඩා මුලින් ආපු කන වටිනෝ" කියාගෙන පැන්නෙ නැතෑ අම්මගෙ පැත්ත‍ට. අනේ ඒ එක්කම මාවත් දඩස් ගාල ඇහැරුනා. (ප.ලි. ඔය නැන්දම්මගෙ ලේලිගෙ චරිත වලට ඔයාල කැමති කෙනෙක්ව දාගත්තට කමක් නෑ. මට හිතෙන්නෙම ඔය පුතානම් මමමයි කියල.)

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

13 comments:

  1. හොදම චරිතෙ තෝරගෙන නේ. ඒවගේම පුතා වැටුනෙ හොද පැත්තට කියලයි මම හිතන්නේ
    verification අයින් කරමුද?

    ReplyDelete
  2. ටිකක් ඉඳල බලමුකෝ. කාලයම තීරණය කරයි පුතා වැටුන පැත්ත හරිද නැද්ද කියල. ඔන්න verification අයින් කලා.

    ReplyDelete
  3. මාත් ඉතින් අම්මගෙ පැත්ත තමයි ගන්නෙ...

    ReplyDelete
  4. මං නම් චරිත වලට කවුරැත් දම්මෙ නැහැ ... ලස්සන කතාව ෙමාන ඒහෙකට කැත කරගන්නවද?

    ReplyDelete
  5. වැප් මචෝ උඹ කියන කතාවත් ඇත්ත තමයී. බෝම ස්තුතියි මේ පැත්තේ ආවට.

    ReplyDelete
  6. මම හිතුවා හරි. සමාජ සමස්තය තමයි ඔයා තේමා කර ගන්නේ.

    ReplyDelete
  7. එල කතාව. මම කැමතියි ඔබතුමාගේ රචනා ශෛලියට.

    ReplyDelete
  8. කාලානූරෑපිත වූ ජනැස් යම්තාක් අවදිකල හැකි වූ ස්වයං නිර්මාණයක විදැහැ දැක්මකි

    ReplyDelete
  9. කාලානූරෑපිත වූ ජනැස් යම්තාක් අවදිකල හැකි වූ ස්වයං නිර්මාණයක විදැහැ දැක්මකි

    ReplyDelete
  10. Habai Nandamai Lelwai kettewwe RAW karaya. Uta dukai U kiripowala hadapu Marusira nethi wunata passe raw karayata influence eka nethi wuna. Ithin podi wisa bijyak demma leli nandammawa elawala ge ganna yadanwa kiyala. Den un denna gei gamai winasakaragena randuwenawa - RAW karya pethe edan hinawenwa.

    ReplyDelete
  11. RanDil වෙත,
    දැන් තේරුනානේ.

    තරිඳු වෙත,
    බොහොම ස්තුතියි ඔබතුමාටත්.

    Ansh Lucky Sri Jay වෙත,
    එල එල.

    පළමු නමක් නැති යහළුවා වෙත,
    ස්තුතියි අගය කිරීමට.

    දෙවන නමක් නැති යහළුවා වෙත,
    මමත් හිතනවා ඒක එහෙම වෙන්න පුළුවන් කියල. මොකද ලංකාව බලවත් වීම ඒගොල්ලන්ට ලොකු තර්ජනයක්.

    ReplyDelete
  12. භයානක හීනයක් මචං. හීනෙ ඇත්ත වෙන්න දෙන්න නම් එපා...!

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.