මේකට බොහොම බුද්ධිමත් උත්තරයක් ආණ්ඩුවේ කළමනාකරණය ආපදාවට ලක්කරන ඇමතිතුමා වන මහින්ද අමරවීර මැතිතුමා කියල තිබුන. ඒ "අපේ කට්ටිය දැන් හොඳට ගහල ඉන්නේ, අරුන් ආවොත් ආයෙත් මුල ඉඳන් ගහන්න ගනියි. ඒක නිසා අපිටම දෙන්න" කියලා. මේක අහපු වෙලේ ඉඳන් අනික් මැති ඇමතිතුමලත් එතුමන්ලාගේ බුද්ධිය විදහා දක්වන්න පොරකනවා. මෙන්න ඒවායින් කීපයක්. පුළුවන් නම් කියමු බලන්න කවුද මේ මැති ඇමැතිතුමාල කියලා.
"අපි ලංකාවට ඇති තරම් කුඩු බෙදනවා. අරුන් ආවොත් වැඩිපුරත් එක්ක බෙදයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපි ස්කාගාර කීපයක්ම දාල එතනෝල් වලින් අරක්කු හදනවා. අරුන් ආවොත් මෙතනෝල් වලිනුත් අරක්කු හදයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපි සමාජවාදී චීනෙට රටෙන් බාගයක් විතර උගස් කරලා තියෙන්නේ. අරුන් ආවොත් අධිරාජ්‍යවාධී ඇමරිකාවට ඉතුරු බාගේ උගස් කරයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපේ මිහින් එයාර් වගේ එව්වා බිලියන පොඩ්ඩක් පාඩු වෙනව තමයි. ඒ වුනාට අරුන් ආවොත් මෙත්ත එයාර් වගේ එකක් දාල පාඩුව ඩබල් කරයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපි අපිට විරුද්ධ මාධ්‍යවේදියෝ ඔක්කොම ටික අතුරුදහන් කරල තියෙන්නේ. අරුන් ආවොත් අපිට හිතවත් මාධ්‍යවේදියෝ ටිකත් අතුරුදහන් කරයි. ඒක නිසා අපිටම දෙන්න."
"අපි මේ ණය වෙලා වෙලා හම්බන්තොට වරායකුයි ගුවන් තොටුපලකුයි හදල ඉවරවුනා විතරයි. අරුන් ආවොත් පොලොන්නරුවෙත් වරායක් හදන්න හදයි. ඒක නිසා අපිටම දෙන්න, නැද්ද හාමුදුරුවනේ?"පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
පොලොන්නරුවෙ වරායක්! ඒ කියන්නේ නැවේ එන්න පුළුවන් ත්‍රිකුණාමලේ ඉඳලා!
ReplyDeleteඕක මොකක්ද රසික, අච්චර මූද අද්දර තියෙද්දිත් හම්බන්තොටත් හැදුවේ රට ඇතුලේ වරායක් ගල් අරවා මේවා එහෙම හාරලා...ඔය පරාක්‍රම සමුද්‍රයයි, යොධ ඇලයි ත්‍රිකුණාමලයට යා කරන එක මහ වැඩක්ද?
Deleteඔය දසයා කියලා තියෙන්නේ පප්පා කිව්ව කථාව..එහෙව් අයත් එක්කනේ මසී එන්නේ...හාරයි මයේ හිතේ...
කතන්දර, තැන්ක්යූ මේ පැත්තේ ආවට. ගැහැණියෙක් පිරිමියෙක් පිරිමියෙක් ගැහැණියෙක් කරන්න විතරනේ බැරි නේද?
ReplyDeleteඅනේ මන්දා දසයෝ.....එහෙව් රටේ මෙහෙව් ඇමතිවරුනේ ඉන්නේ. උඹ මේවා විහිළුවට ලිව්වාට.....ඔය වගේ කතා මේ සෙට් එක ඉදිරියේදි කියයි.
ReplyDeleteදසයා....කමෙන්ට් එකකට රිප්ලයි එකක් දානකොට, ඒ කමෙන්ට් එකේ යට තියෙන රිප්ලයි කියන එක ක්ලික් කරලා දැම්මා නම් සංවාදයකදි කාටද දසයා රිප්ලයි එක දාලා තියෙන්නේ කියලා වටහාගන්න පහසුයි. පඬි ටෝක් කියලා හිතන්න එපා මචෝ.
දැන් මේ ගොල්ලෝ කියන කතාවල හැටියට විහිලු හොයන්නත් බෑ ඇත්ත හොයන්නත් බෑ අරූ. මේ ඔක්කොම විහිළුවක් වෙලානේ තියෙන්නේ. තැන්ක්යූ උපදෙසට. ඔන්න මේක හරියට දැම්මා.
Deleteඅද තමයි ඉස්සර වෙලාම ආවේ. w3lanka එකෙන් තමයි පාර හොයා ගත්තේ. ඉතා රසවත් ලිපි තියෙන බව පේනවා. හිමින් සැරේ කියවගෙන යනව .
ReplyDeleteතැන්ක්යූ මේ පැත්තේ ආවට. පුළුවන් විදිහට දිගටම ලියන්නම්කෝ.
Deleteමාත් හොයාගත්තා.. දැං ඉතිං අපිට ලැබෙන්න යන්නේ පැරකුම් පරපුරේ ගොවි රජෙක් නෙව
ReplyDeleteඑකනේ දේශකයා. බයියා වෙනුවට ගොයියා.
Deleteඋඹේ ලිවිල්ල ඉස්තරන්.. ජයවේවා...!!!
ReplyDeleteතැන්ක්ස් මාතේ ගොඩක් අයට පාර කිව්වට.
Deleteඅරූ තමා මේ පැත්තට එව්වේ. නියමයි. ඔහොම යං.
ReplyDeleteඅරූටයි අජිත්ටයි දෙන්නටම තැන්ක්යූ.
Deleteමේක වෙන වෙබ්සයිට් එකකට (LNW ) යැව්වට කමක් නැත්ද?
ReplyDeleteනෝ ප්‍රොබ්ලම් අජිත්. පුළුවන් තරම් බෙදාගන්න.
Deleteනියමයි දසයා...:)
ReplyDeleteතැන්ක්යූ රවී!
Delete