01. ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඇයි?
වැරදි උත්තරය: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට සෞඛ්‍ය ඇමතිකම හරියට කරගෙන යන්න දුන්නේ නෑ. මට ගොඩක් හිරිහැර කළා. මම ගොඩක් හිතේ අමාරුවෙන් හිටියේ. මගෙන් මහවැලි ඇමතිකම උදුරගත්ත දවසේ තමා මට මේ ආණ්ඩුව එපා උනේ.
හරි උත්තරය: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ඔහුගේ සහෝදරයන් සහ ගෝලබාලයන් මේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙනයමින් ඉන්නවා. රටේ යහපාලනය බිඳවැටිලා, වංචාව දූෂණය ඉහවහා ගිහිල්ලා. අපේ රට අන්තර්ජාතික වශයෙන් හුදකලා වෙලා. මේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ස ජයග්‍රහණය කලොත් මේ රට මිලිටරි පාලනයකට යටත් වන බවත් ප්රජාතන්ත්රවාදය නැත්තටම නැතිවන බවත් මට තේරුණා. මේ අපිට ලැබෙන අවසාන අවස්ථාව. එක නිසයි මම තිබුන තනතුරුත්, දෙන්න හැදුව තනතුරුත් අත ඇරලා රට වෙනුවෙන් ඉදිරිපත් උනේ. මොන දේ කරන්නත් රට ඉතුරු වෙලා තියෙන්න ඕනනේ.
02. ඔබ ජනාධිපති වූ විගස කරන්නේ කුමක්ද?
වැරදි උත්තරය: මම රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති කරනවා.
හරි උත්තරය: අපේ පළවෙනි කාර්යය තමයි මේ රටේ යහපාලනය නැවත ස්ථාපනය කරන එක. ඒ සඳහා ප්‍රධානම බාධකයක් වෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. පළවෙනි දින සීය ඇතුලත එම කාර්යය ඉටු කිරීම සඳහා අපි පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරලා ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා. එම දින සීය සඳහා සියළුම පක්ෂ එකතුව භාරකාර රජයක් පිහිටවනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම ජනාධිපති නිසා අනික් විශාලම පක්ෂය වන එකසත් ජාතික පක්ෂයේ නායක තුමාට භාරකාර රජයේ අගමැතිකම් දිය යුතුයි කියල තමා මම හිතන්නේ. ඒ වගේම අනික් පක්ෂ වලටත් භාරකාර රජයේ වගකිවයුතු තනතුරු දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.දින සීය ඇතුලත ව්‍යවස්ථා වෙනස්කම් කිරීමෙන් අනතුරුව මහා මැතිවරණයක් කැඳවීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ජනතාවට පුළුවන් සුදුසු ආණ්ඩුවක් අගමැතිවරයෙක් තෝරාගන්න.
03. ඔබගේ ආණ්ඩුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ භූමිකාව කුමක්ද?
වැරදි උත්තරය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණයකල බණ්ඩාරනායක උරුමය තියෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ළඟ. එතුමිය මෙහි විශාල කාර්යභාරයක් කරනවා. (මක්‍රෆෝනය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට)
හරි උත්තරය: මේ කටයුත්තෙදි එතුමිය අපිට විශාල සහයෝගයක් දෙනවා. කෙසේවෙතත් එතුමිය අප පිහිටවන ආණ්ඩුවේ කිසියම් තනතුරක් ලබාගැනීමට හෝ ක්‍රියාකාරීව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. (චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මාධ්‍ය අමතන්නේ නෑ)
04. කෝ ආණ්ඩුවෙන් එනව කියපු කට්ටිය?
වැරදි උත්තරය: හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.
හරි උත්තරය: අපි ආරාධනා කරනවා ආණ්ඩුවේ ඉන්න අයටත් අනික සියලු දෙනාටත් අපි එක්ක එකතු වෙන්න කියල. ඒ වුනාට මේ වැඩ පිළිවෙල මම හෝ තව පුද්ගලයන් කිහිපදෙනෙක් මත රඳා පවතින දෙයක් නෙමේ. මේක ජනතාවගේ වැඩපිළිවෙලක්. එක නිසා අපි සියලු දෙනාම එකතුවෙලා මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කරන්න ඕන.
05. ඔබගේ සහෝදරයන්ට එල්ලවන සහල් මාෆියාව වැලිගොඩ දැමීම වැනි චෝදනා ගැන ඔබ කියන්නේ කුමක්ද?
වැරදි උත්තරය: මොන මාෆියවක්ද එහෙනම් මම ඒ පැත්තේ ඉද්දි ඕව කියන්න එපැය. ඔය මාෆියාවේ ඉන්නවා කියන අනික් කෙනා තාම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක්නෙ.
හරි උත්තරය: මමත් දැක්ක ඔය චෝදනාව කරලා තියනවා. මම කියන්නේ මගේ සහෝදරයා උනත් වරදක් කරලා තියනවනම් නීතිය ඉදිරියට ගෙනල්ල දඬුවම් කරන්න කියල. මම කවදාවත් කිසිම ආයතනයකට මගේ පවුලේ කෙනෙක් වෙනුවෙන් බලපෑමක් කරලත් නෑ. කරන්නෙත් නෑ. ඔය කියන චෝදනාවලිනුත් පැහැදිලියි අපේ රටේ නීතිය යහපාලනය අධිකරණය ශක්තිමත් කරන්න ඕන කියල. මොකද මහජනයාට ඔය ආයතන ගැන විශ්වාසය තියනවනම් ඔය වගේ චෝදනා එල්ල වෙන්න නෑ. මොකද වැරදිකාරයන්ට දඬුවම් ලැබෙනවා කියල පැහැදිලියි.
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
මේක පුලුවන් තරම් ඉක්මනට මෛත්‍රීපාල සිරිසේනට යවපන්
ReplyDeleteපාල ළමයා බ්ලොග් බලන්නේ නැද්ද?
Deleteමේක ෂෙයාර් කරන්ට බෑනේ දසයෝ...........
ReplyDeleteපාර දැක්කේ මෙතනින්
Deletehttp://www.w3lanka.com/2014/11/blog-post_83.html
බුවා, ෂෙයාර් කරන්න බට්න්ස් ඇඩ් කලා මචෝ. w3lanka එකට තැන්ක්යූ වෙන්න ඕන පාර කිව්වට.
DeleteW3Lanka
Deleteදසයෝ.......මේක තමයි ඇත්තටම හරි උත්තර ටික. හරිම අගේට ගලපලා තියෙනවා. මම මේක දැක්කේ පැරාගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක් හැටියට.
ReplyDeleteඑකනේ අරූ. පොදු අපේක්ෂකතුමාගේ චේතනාව හොඳ උනාට වැඩක් නෑ. පී. ආර්. තියෙන්නත් ඕනනේ. ඒක නෙමේ අරූගෙ අඩවිය මගේ ෆීඩ්ලි කලෙක්ෂන් එකේ තියන බොහොම ආසාවෙන් කියවන අඩවියක්. අරූ දේශපාලන උණ නිසා බ්ලොග් ලියන එක නවත්තනවා. මම දේශපාලන උණ නිසා නවත්තල තියන බ්ලොග් එක ආයේ පටන් ගන්නවා. ඒකෙත් හැටි :-)
Deleteමේක කදිම ප්‍රකාෂයක්. පංකාදු පහයි! ඇත්තටම මමත් හිතන් හිටියෙ මෛත්‍රීට මෙහෙම ලිපියක් ලියන්න බං. ඒත් මම ලිව්වනං මේ තරම් සිරාවට ලියැවෙන එකක් නෑ!
ReplyDelete( ඇනෝවෙක් කොපි කරල මේ පොසෙට් එක පැරාගෙ සයිට් එකේ ඇලෙව්වයින් තමා දැක්කෙ, ඌටත් පාර කිව්ව බුවාටත් තෑන්ක්ස් )
බොහොම ස්තුතියි ඉන්දික මේ පැත්තේ ආවට.
Deleteමෙන්න ඇත්තටම වෙන්න ඕනිදේ...වැඩේ කියන්නේ පැරාගේ පෝස්ට් එකේ මේක වැටුනම කවුද බැනල තිබ්බනේ මේකටත්...
ReplyDeleteමේ හරි උත්තර ටික දෙන්න පුලුවන් එකෙක් හොයාගන්න අමාරු උනත්, මේක කොහොම හරි පත්තරයක (හැමෝම කියවන )ටීවී චැනල් එකක යවා ගන්න පුලුවන් වෙනවා නම් 8 වෙනිදාට අපි හැමෝටම පිලිගන්න පුලුවන් නායකයෙක් පත් කරගන්න හරි, ඉන්න එකාව හදාගන්න හරි පුලුවන් වෙයි...
දසයා ලමයාට ලකුනු ඔක්කෝම ටික දෙන්න ඕන මේක ලිව්වාට..
මාතේටත් තැන්කූවෙවා මේක ඉස්මතු කොලාට...
තැන්ක්යූ චෙෆාකි මේ පැත්තේ ආවට. දැන්නම් පොද්දා මහත්තයා හැදීගෙන එනව වගේ. පළවෙනි දවසෙනම් නැව.
Deleteනියමයි.. උපේ කිව්ව වගේ මාත් ලියන්න හිටියෙ ලියුමක් ඇඩිල්ල නවත්තල මෙන්න මේ ටික කරන්න කියල. සැපටම තියෙනවා. බුද්ධික පතිරණ මාර්ගයෙන්වත් මේක දෙන්න ක්‍රමයක් නැද්ද? මොකද මිනිහා තමා වැඩිපුර ජාලගත වෙන්නේ
ReplyDeleteදැන්නම් පොයින්ට් එකට කතා කරනවා නේද පොදු අපේක්ෂක තුමා.
Deleteඔය තියෙන්නෙ, හැමෝම වහල කතාකරන, කෙලින් කතානොකරන අපූරු යථාර්තය. එකෙන්ම නියමයි.
ReplyDeleteතැන්ක්යූ මනෝෂ්!
Deleteසුපිරි!
ReplyDeleteඑල
Deletekisima prasnayak nehe
ReplyDeleteMaithripalat 59%
Mara 41%
ඔන්න ඒක බොරුයි කියල බුද්ධි අංශ කියනවලු :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේක නම් සුපිරි. බැරිවෙයිද මෛත්‍රි ලොක්කට උපදේෂක වෙන්න. උඹ කියලා තියෙන විදිහට නැතුව එයාගේ උත්තර ඉදිරියටත් දුන්නොත් අයියෝ සිරිසේන තමයි. හැබැයි ඒ දේශපාලනය ගැන යම් තරමක හරි දැනීමක් තියෙන අයට.
ReplyDeleteමෛත්‍රි ලොක්කා දීල තියෙන උත්තර තමා අපේ රටේ වැඩි දෙනෙකුට ගැලපෙන්නේ කියලා මට හිතෙනවා.
+++++++++++++++
Deleteසහතික ඇත්ත මචන්. මෛත්‍රී ලොක්කත් ජනාධිපති උනාම උපදේශකයෝ රොත්තක්ම දාගනියි නේද?
Deleteමයියොක්ක වගේද බතල.. යකෝ උඹවනේ බං පොද්ද කරන්න තිබ්බේ.. සුපිරියි ඈ..
ReplyDeleteකියල වැඩක් නෑ මිත්‍රයෝ.
Deleteඅපිට බැරිද මේක මෙතුමටත් පෙන්න කටයුතු සලස්වන්ඩ මහත්තයෝ ............
ReplyDeleteපුළුවන්නම් හොඳයි ඇනෝ. මම දැක්ක ඊයෙත් දුක්ගැනවිල්ල කියනවා.
Deleteමම මහින්දට මගේ වටිනා ඡන්දය දීමට හේතු,
ReplyDeleteශ්‍රී දළඳා මාලිගාව වටේ රේස් පැදපුවට,
කූරගල බෞද්ධ උරුමය නැති කලාට,
විල්පත්තුව රක්ෂිතය අක්කර ගානක් කපලා තම්බින්ට දුන්නට,
ගිනි පොලියට නය අරෙගෙන ඒ සල්ලි වෙන මුස්ලිම් රටවලට ආධාර ලෙස දුන්නට,
එක දිනකට විතරක් ලක්ෂ 106ක් වියදම් කරනවට,
උක්කුන් පුතාට කොටි 570ක කාර් එකක් අරන් දුන්නට,
ලංකාවේ මාධ්‍ය නිදහස නැති කලාට,
ස්වාධින අධිකරණය හා ස්වාධින පොලිසිය නැති කරාට,
උසස් අධ්‍යාපනය හරකෙක් අතට දුන්නට,
ප්‍රමිතියක් නැති පුද්ගලික විශ්වවිද්‍යාල හැදුවට,
කැසිනෝ ඇති කරාට,
මිනිමරුවන්ට (දුමින්ද සිල්වා) දඩුවම් නොදුන්නට,
කුඩු රජෙක්ට බෞද්ධ කටයුතු අමාත්‍යංශය දුන්නට,
ඌ ගෙනාපු කුඩු කන්ටේනර් නඩු නැතුව අතුරු දහන් කරාට,
සින්දු කියලා රොකට් යවලා අතුරු දහන් කරාට,
අරන්තලාව, දළඳා මාලිගාවට වනසපු කරුණා අම්මාන් ආණ්ඩුවේ ඇතුලේ දාගත්තට,
නැගෙනහිර තම්බින්ටයි උතුර දෙමළුන්ටයි යුද්දයක් නැතුවම දුන්නට,
මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දුන්නට,
හලාල් ජාවාරම නතර නොකලට,
කිලෝමීටරයකට මිලියන 6700 ගානෙ වියදම් කරලා අධිවේගී මාර්ග හැදුවට,
නැව් එන්නේ නැති වාරයක් හදලා මිනිස්සු චූන් කරාට,
ප්ලේන් නැති ගුවන් තොටුපලක් හැදුවට,
මුළු පරම්පරාවම පාර්ලිමේන්තුව ඇතුලට දාගත්තට,
විධායක බලය සිමා නොකර තිබ්බ එකම සීමාවත් නැති කරාට,
තමන්ගේ ආගමටත් ජාතියටත් රටටත් අගෞරව කරාට.
තව මොන හේතුද අප්පා, මහින්ද තමා ඉතින්.. හා නැද්ද..
ඔච්චර දේවල් කරපු උතුමාණන්ට දෙන්නේ නැතුව කාට දෙන්නද අප්පා.
Deleteඉක්මනට මේක අර උන්නැහේට යවපන්!
ReplyDeleteනාඩියා, උන්නැහේ ඊ මේල් එහෙම බලනවද දන්නේ නෑ නේද?
Deleteෂා.. ඒත් ඔහොම දේවල් මේ කපේට කාගෙවත් කටකින් කියවෙයිද කියලා තමයි සැක
ReplyDeleteබලමු සුසී කපේ ඉවරවෙන්න තව ටිකක් කල් තියනවනේ.
Deleteඅනේ සමා වෙන්න අයියේ දේශපාලනය සම්බන්දව කතා කරන්න කැමති නැති නිසා මුකුත් නොකියා ඉන්නම්..
ReplyDeleteඅයියෝ වෙන දෙයක් ලියන්නකෝ අපි පොඩි උන්නේ...
අද තමා මෙම ලිපිය කියෙව්වේ , හරි උත්තර හොඳට ගැලපෙනවා , අංක 2 ට තමා මම වැඩියම කැමති .
ReplyDelete