සකල සිරින් පිරි
සිරිලංකාවේ
වැප් කියලා
කොළුවෙකු සිටිනා
සිංහලකරණය
කියලා කවියක්
ඒ කොළුවා
පද බැඳලා තිබුනා
ඒක කියවමින්
ඉන්නා දසයගෙ
කවි සිතුවිලි
අවදිව එන්නා
සබේ සියල්ලනි
අවසර එහෙනම්
මම ඒ සිතුවිලි කවි කරනා..
සිංහල බ්ලොග් අවකාශේ
අපේ අයගෙ හරඹ දැකල
හිතට නැගෙන දේ ලියන්න
දසයලටත් ආස හිතුන
කොච්චර රසවත් දේවල්
කඩ්ඩෙන් ලිව්වත් කිව්වත්
හිතට කිසිම රහක් නෑනෙ
හෝටලයෙන් කෑව වගේ
කාපු හැටිද බීපු හැටිද
බයිස්කෝප් බලන හැටිද
කොම්පුටර් වැඩ කෑලිද
රටේ ලෝකෙ දකින හැටිද
මෙකීනොකී හැමදෙයක්ම
එක තැනකින් බලාගන්න
තියන දැනුම බෙදන ගමන්
නොදන්න දේ ඉගන ගන්න
එන්න එන්න සැවොම එන්න
මේක අපිට වෙන්වුන තැන
කඩු පසෙකට හෙල්ල අතට
බස රැකගෙන යමු සටනට
පින්තූරෙ ඉස්සුවේ මෙතනින්
මගේ ආචාරය ...!!!
ReplyDelete[මටත් කරන් බැරි දෙයක් නැහ දැන් - කවි සතුවිලි අවදි කරන ඒක]
අනිව මචන් අනිවා
ReplyDeleteෂහ්... එලම කිරි... මුල්ම පද කිහිපය නම් මැක්සා... බලාගෙන ගියාම මොන දසයෙක්ද.. එල කොල්ලෙක් නෙ... වැල් වටාරම් නැතිව මේ ලිවිල්ල හෙල්ලෙන්ම ඇන්න වාගෙ තමා... හැබෑය මලයෝ... ඉංග්‍රීසියෙන් කුණුහබ්බයක්වත් කිව්වහම හිතේ කේන්තිය යනවයැයි.... මම මල්ලිත් එක්ක... ඔහොම යං...
ReplyDeleteසකල සිරින් පිරි සිරි ලංකාවේ
ReplyDeleteඔබ වැනි දසයන් හිගයි පුතේ
රැප් කරමින් කල් ගෙවනා කොල්ලන්
ගෙන් මේ ලෝකය පිරී ඇතේ
තුති දෙන්නේ නම් මල් වැනි කොල්ලන්
ගෙන් blog ලෝකය සැදී ඇතේ
මට දුක මා වැනි කෙල්ලන් හිගයක්
blog එක තුල අඩු එකයි මලේ
ලියන්න ලියන්න ලියනා අතමයි
මතු දවසක ඉහළට එන්නේ
හිතන්න හිතන්න හිතනා හිතකුයි
අනුන්ගෙ කදුලෙදි තෙත් වන්නේ
තිස්ස සහෝ වැනි අගනා මැණිකුත්
ඉදලා හිටලා හරි හමුවෙනවා
මගෙ ගෙට ගොඩවි කොමෙන්ටු දමනා
සියළූ දෙනා ටම තැන්ක්යූ කීවා.
වැප්, චතුරංග මල්ලී, තිස්ස අයියා, wath අක්කා,
ReplyDeleteතුති හැමදෙනටම - ආවට මේ දෙස
නුඹේ දිරිගැන්වුම - සවියකි මා හට
දස්යා අයියෙ හරිම ලස්සනයි කවිපද ටික.මට හිනත් ගියා ඔයා ඒක කියලා තියෙන විදිහට...
ReplyDeleteම්...එත් මට ලස්සනට කවිහදන්න බෑනේ...
උඹ නං දසයෙක්ම තමා. දිගමට ලියන්ට. මට බෑනේ ඔය වගේ කවි ගොතන්ට
ReplyDeleteමම කියන නංගිත්
ReplyDeleteබුද්ධී සහෝදරයන්
ඔබ දුන්න දිරියත්
වටිනවා මට වෙන්න සවිමත්